අන්තිමට
අපේ ආදරය, අවසානයේ සැන්දෑවක අප දෙදෙනා අත් පටලන්, සැප හාන්සි පුටු වලට වී එක්ව ආදරයෙන්, නැවත හමුවන්නට, යලිත් ආදරෙන් අලුතෙන්ම පටන්ගන්නට වෙන්වයනු නිසැකයි.
නමුත්,
ආයිමත්.. කිසිත් නොදන්නා ඒ සුන්දර සිනහවකින් , එකිනෙක බැදුනු සිද්දි දාමයකින් අලුතෙන්ම, ආදරයෙන්ම වෙලී එකෙනිකෙ පරයමින් දලුලා නැවතත් සිපගනීවි
ඇදරයෙන්
සදහටම
Tuesday, 18 July 2017
Posted by චමියා
ආට් එක
නෙම්සිස් චකිතය සමග විසදුමක් පෙනහළු සිපගන්නේ නිරායාසයෙන්. ඒ වේලාවට ජිවිතේ අන්තිමට තෝරගන්නේ මොනවද ඇහුවොත් විසදුමයි සිංදුවයි තෝරගයි. විසදුම විසඳුමක් වෙන්නෙත් මියුසික් ආත්මය වෙන්නෙත් එතකොට.
මායවේ මා යලි තැවෙන්නෑ
ගිටාර් ඈම්ප් එකකින් එන ලීඩ් පාට් එක වෙන මොකෙන්වත් දැනෙන්නෑ.
කැඩිච්ච රේඩියෝ එකක එකම සිංදුව හැමදාම ප්ලේ වෙන කැසට් එකකට එකක් තෝරන්න හම්බුනොත් තෝරගන්නෙ ඒක.
මෙහෙ ආට් නෑ මිත්‍රයා. මෙහෙ තියෙන්නෙ මායාව විතරයි.
ඔබටයි මටයි කළුවර සැන්දෑවක සීතල බීර වීදුරුවක් සමග අදුරු ශාලාවක නිහඩ චිත්‍රපටයක් බලන්න බෑ
උණුසුම් තැබෑරුමක රවුම් මේසයකට වී හියුගෝ ගැන කෑ කොස්සන් ගසන්නට බෑ
අඩුම තරමේ නෘත්‍ය ශාලාවකට ගල් ගසා පටු මාවත් අතරින් පැන දුවන්නවත් බෑ
මෙහෙ මුකුත් නෑ මිත්‍රයා.
Tuesday, 2 May 2017
Posted by චමියා
නොකියූ කතාවක්
ජීවිතේ මහ පුදුමාකාර තැනක්. එක එක හැඩතල පිරුන හරි අපූරු තැනක්. මේ අපූරු ජීවිතේ අපිට හිමි තැන හොයගෙන වෙලාවකට අපි ඉබාගාතේ ඇවිදිනවා. ඒත් ජීවිතේ කියන්නේ ඒ ඇවිදීමට කියල දැනුනම හිතට එන ඒ මූසල අඳුරු හැගීම කලාමැදිරියෙක්ටවත් නවත්තන්න බෑ.
වෙලාවකට අපි එක එක හැඩතල අතරේ පාරක් තොටක් හොයාගන්න බැරිව අතරමන් වෙල ඉන්නවා. ඒත් එකපාරටම කොහෙන්දෝ නැතිව අපූරු සංකල්පයක් කඩාපාත් වෙනව.
උනුසුම් ආදරනීය අලෝකමත් හැගීමක්. චූටි හිනාවක් මුවගට එනව. හරිම ආදරයෙන් ගොඩනැගෙනව. බොහෝම හිමීට. මේ ගැඹුරු ආත්මීය සන්දර්භය අපිව වෙලාගන්නේ කිසිම අනුකම්පාවක් නොමැතිව.
ගැඹුරු උණුසුම් හැගීමක්. මතකයන් ගොඩාක් පොදි ගැහිල තෙරපෙනව. එලියට එන්න බරිව පුදුම අසරනකමකින් බලන් ඉන්නව වගෙ දැනෙන්නේ.. ඒ අපිව එලියට දාන්නේ නැද්ද? උන් කෑමොර දෙනව.
ඒ ආදරනීය උනුසුම වියලිලා ගිහින්. වියලි කතර ආයෙත් මල් පීදිලා.. ඒත් කොහේදෝ කොනක.. බොහෝම දුර ඈතක...
ආදරනීය හිනාවක්.....
P.S. ආයෙ ලියන්න මතක් කෙරාට ටානටයි නොකියූ කතාවක් ඇදල ගත්ත මල්කටයි බඩාටයි පිං
Sunday, 5 June 2016
Posted by චමියා
වික්ටෝරියානු ජංගිය
කඳුලැල්ලක් තෙත්වී ඉන්නම් ඔබ ලැබෙන තුරා...
මනමාලකම් නවතලා...
සුද්ද සිංහල ඇති බැවින් හිරිඔතප් බිදී නැති කොළඹ හතේ අම්මන්ඩිලා සහ සීලවන්තයන් කියවීමෙන් වලකින්න..
රොකට් එකක් නැතුව වේලි වේලි ඉන්න වෙලවක රොකට් එකක් ලැබෙනව කියන්නේ අමෘතෙ හම්බුනා වගේ.. හඳෙන් නෙවෙයි ඊටත් එහා ගිහින් නවතින්නෙ.

වික්ටෝරියනු අම්මගෙ රෙද්දට හැටියටනම් මිනිහ ගෑනියක් බඳිනකම් බලන් ඉන්නෙ අන්න එහෙම...
කඳුලැල්ලක් තෙත්වී ඉන්නම් ඔබ ලැබෙන තුරා...
මනමාලකම් නවතලා....
මිනිස්සු බැන්දහම වැඩිපුර වල් කමේ යන්නේ ඇයි කියලා සෑහෙන කාලයක් මට තේරුම් ගන්න බැරිව තිබුන ප්‍රශ්නයක්.. තේරුම්ගන්න බැරිව කියනවට වඩා හැමනිලා හිටියෙ කිව්වොත් හරි. ඒත් ටිකකට කලින් ආපු එක කෝල් ඒකකින් හෙනයක් ගැහුවා වගේ ඒක තේරුනා...
වැටෙන් පැන්න කෙල්ලන්ගේ
ඇසක් ඉඟි උනොත්
ඉගිල්ලෙන සිතිලා තටු මැවේ...
උබ බැදපු එකක් | එකියක්නම් මේක දැනටමත් තේරිලා ඇති..
වෙනදට හිතට එන සිතිවිලි වලට ඔහේ ගලාගෙන යන්න ඉඩදීලා පාඩුවේ ඉන්නේ ඒක පට්ට රහ නිසා.. ඒත් මේ ඕවලාරික ජීවිතවල ජීවත් වෙන උබලට කොහෙද එච්චර සැපක්.. ආතල් කුඩු කරන් ලියන්නේ උබලත් ඒක ඔබන්න..
කොහොමින් හෝ ඔබ දැක ගන්නම්..
ඔබෙ ඇසට හොරා,
සංසුන්කමි ඉවසලා...
බැන්දම කොහෙද බං සැනසුමක්.. උබල බදින්නෙනම් සැනසුමක් ගන්න.. කාටද බං ඔය බොරුව දාන්නෙ උබලා.. බදිනවා කියන්නේ පිනට හුකාගන්න දෙන ලයිසන් එකක්. ඉතින් කොහෙද බං නිදහසක්.. ලයිසමේ නීති කැඩුවොත් උබ හිරේ,, මැරෙනකම් පදින්න පුළුවන් එක වාහනයයි..
මොකක්ද කීවේ? උබ බදින්නේ පරම පිවිතුරු ප්‍රේමය නිසා? අනේ නිකා ඉදපං බං.. අපි නොදන්න ප්‍රේමේ..
බැදල දරුවෙක් මල්ලෙක් ලැබිල හවසට වැඩ ඇරිල ගෙදර එනකොට කොහොමද ආතල් එක.. ගෙදර ආපු ගමන් ගෙදර උන්දගෙ බර බරේ.. අරක කියයි මේක කියයි.. ඉතින් කොහෙද හුකාගන්න වෙලාවක්.. හොද මූඩ් එකක්? රෑට දෙන්න හැසිරෙන්නෙ නිකන් කෙහෙල් පදුරකුයි එස්ලෝන් බටේකුයි වගේ.. කෝ ඉස්සර තිබ්බ රහ? කෝ ප්‍රේමෙ?
සිනාසෙන්න ඕනෑ
හිත කීරි ගැසේ..
සැනසිල්ල නෑ පෙම්ලොවේ...
උබල එස්ලෝන් බටේ වෙන්නෙත් ඒකි කෙහෙල් පදුර වෙන්නෙත් අන්න අර ජීවන ප්‍රශ්න කියන පුක උඩ..
ඒත් උබෙ හොර ගෑනි , හොර මිනිහා එක්ක ඒ ප්‍රශ්න තියනවද? නෑ එතන තියෙන්නේ ආසාවක් විතරයි.. ප්‍රශ්න නෑ ආතල් එක විතරයි..
සුසුම් හෙලන ගෑනුන්
අවිස්වාසනම්
නෙරිය ලඟ නැවතිලා සිත තැවේ
අපි ජීවත්වෙන මේ වික්ටෝරියානු සන්දර්භය තුල සෘංගාරයට ඉඩක් නෑ.. තියෙන්නේ ප්‍රශ්න විතරයි.. ඔය වික්ටෝරියානු රාමුවෙන් මොකෙක් හරි එලියට පැන්නොත් හැමෝටම ඩෝං යනව.. ඇයි ඒ? උන්ට සදාචාරේ රැකගන්න ඕනෙ නිසා? රෙද්ද තමා..
උන් පුක උඩ දාගෙන කෑ ගහන්නේ උන්ට ඒ ආතල් එක නැති නිසා.. තියෙන්නේ ප්‍රශ්න විතරක්ම නිසා...
කිඳුරන්ගේ ගී වැල්දුක් බරම තමා
නිස්සාර සංසාරයේ..
හැමෝටම ඕනේ නිදහසේ හුකාගන්න... ආත්ම වල සිරවෙලා තියන ජීවිතය නිදහස් කරගන්න..
මේ වික්ටෝරියානු ජංගිය ගලවලා දානතාක්කල් අපි කාටවත් නිදසහේ හුකාගන්න බෑ..
පොදිබැදගෙන දිවයන්නේ...
මේ දුකම තමා...
සඳගිරට නිර්වානයේ...
මේ දුකම තමා...
සඳගිරට නිර්වානයේ...
- සිංදුව චින්තිගේ....
Friday, 4 December 2015
Posted by චමියා
තුන්ලොව ජයගත් තහනම් ගස
නෙලා ගත් පසු පැය 4ක් හෝ 5ක් පිරිසුදු ජලයේ ගිල්වා තබා පසුව වියළා එළඟිතෙලෙන් බැද ඔසු පිණිස මාත්රානුසාරයෙන් යෙදිය යුතු කංසා ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේදී නැතිවම බැරි ඔසුවකි. නීතිමය හා වැරදි ආකාරයෙන් භාවිත කිරීමෙන් සිරුරට වන හානිය සලකා බලන නිසාදෝ හේන් පිටින් ගලවාගෙන ගොස් ගොඩගසා පුළුස්සන අයුරු බලාසිටීමට වීම නෙතඟට කඳුළු ඉනවීමට තරම් වන්නේ එහි ඇති ගුණය දන්නා නිසාය. අධි ආරක්ශිත කලාපයක හෝ වවා ඖශධ නිශ්පාදනය කරන ආයතන වෙත නිකුත් කිරීමෙන් ඉතා වටිනා ඖශධ සැකසීමට හැක
කංසා පැලෑටිය Cannabinaceae යන භංගා කුලයට අයත්ය. Cannabis sativa (indica) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් සදහන් වන කංසා මධ්‍යම ආසියාවේද, ඉරාක ඉරාන මිසර පර්සියා ඇමෙරිකා දකුණු යුරෝපය අප්‍රිකා වැනි රටවලද අප රටේ ඌව බිංතැන්නේ සරුවටද අනෙක් පලාත්වලත් වැවෙනමුත් වැවීම තහනම්ය
.
මෙහි කොල බීජ හා නිර්යාස ඔසු පිණිස ගන්නා අතර ස්ත්‍රී පූරුශ ලෙස ශාක ප්‍රභේද දෙකකි. ස්ත්‍රී ගසක ලාටු වැනි නිර්යාස වලින් වටවී ඇති මල් හා බීජ සමඟ නෙලා ගත්විට ඒවා ගංජා ලෙසද, ගසේ පිපිරී ඇති තැන්වලින් හා මල්වල මිදී තිබෙන ලාටු වැනි කොටස් චරස් ලෙසද හඳුන්වයි.
ගංජා
චරස් (අත්ලේ කහපැහැති ද්‍රවය)
රක්ත සංවහන ව්‍යූහයේ හෘදයේ උත්තේජනය කරන ගුනය ඇත. හාර්ධික දුර්වලතා ජනිත රෝග වලදී මාත්රානුසාරයෙන් යෙදීමෙන් වහා ගුණ ලැබේ. රක්තශ්රාව වන රෝග වලදී යොදන ඔසුවල අඩංගුව ඇත.අධිකව සෘතුශ්රාවයවන රෝග වලදී යෙදිය හැක.
නාඩි ව්‍යූහයේ වාත වේදනා නසන සුළුය. හිසරදය, අර්ධාවභේදය යනුවෙන් හඳුන්වන මිග්රේන් යන ප්‍රචලිත රෝගයේදී වහා සහනය ලැබේ. නිද්‍රාජනක ගුණය නිසා නින්ද නොයන අයට දීමෙන් නින්ද ලැබේ. ආක්ශේප රෝග වලදී යොදයි.අපතානක ධනුස්ථම්භ වැනි භයානක වාත රෝග වලදී යෙදීමෙන් ගුණ ලැබේ.
ස්වසන ව්යූහයේදී ස්වසනය ත්‍රීව කරයි. කක්කල් කැස්සේදී යොදනු ලබයි. වාතය හා සෙම නසන නිසා ඇදුම රෝගයේදී යොදයි. පත්‍ර පුළුස්සා එන දුම ඉරීමෙන් ඉවසනය පහසු වේ. එය වර්තමානයේ නෙබියුලයිස් කිරීමට
සමාන වේ
මූත්‍ර වයූහයේ මූත්‍ර පෙරීම වැඩි කරයි. වෘක්ක වේදනාවටද යෙදිය හැකිය. ප්‍රජනන ව්‍යූහයේ ශුක්‍ර ස්ථම්භනය කරයි. ගර්භාශය සංකෝචනය කරයි. සමේ ආලේප කල විට වේදනා නැතිව යයි.ඉස්සොරි හා උකුණන් වඳ කිරීමට කොළ යුශ හිස ගල්වා විනාඩි 20කට වසු සෝදා හැරීමෙන් ඉස්සොරි නැතිවී උකුණන් වඳවී යයි.මහලු වයසේදී ප්‍රයෝග කිරීමෙන් ඇඟපතේ ඇතිවන වේදනාව දුරු වී සුවදායක නින්දක් ලබාදෙයි.
වෛද්‍ය උපදෙස් මත ශෝධනය කල කංසා අල්ප මාත්‍රාවෙන් භාවිත කිරීමෙන් තිලොවම ජයගත හැකිවේ. එම අරුතින් මෙම ශාකයට ත්රෛලෝකවිජයාපත්ර යන නම යොදා ඇත.
එහෙත් ශෝධනය නොකරන ලද කංසා අධික මාත්‍රාවෙන් ගත් විට අඩ පැයක් ගත වූ කල විස ලක්ෂණ පහල කරයි. එවිට නිකරුනේ ප්‍රලාප දොඩවයි. කැරකැවිල්ල, නිකරුනේ සිනහ වීම, අසම්බන්ධ වචන දෙඩවීම ඇතිවේ. ස්පර්ශය නොදැනී යයි. නිදිමත, ක්ලාන්තය, දුර්වලතාවය ඇතිවේ. ද්විතීය අවස්තාවෙන් පසු දැඩි නින්දට වැටී ස්වරෝධය ඇතිවී මරණය පවා ඇතිවේ.
ශෝධිත කංසා දේශීය ගුලි, කල්ක වල බහුලව භාවිත වේ.ඒවා අතර කාමේශ්වර මෝදකය, මදන මෝදකය, තෛලෝක්ය සම්මෝහ රසය යන ඔසු ප්‍රසිද්ද වාජිකරන වේ. කාම ශක්ති ජනක බලකාරකය ද්වජභංගය රෝගය නසන මෙම ඔසු කිරි සහ එනසාල් පිටි සමඟ ගැනීමෙන් ජය ගත හැකිය.
- යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳ කථිකාචාර්ය, ආයුර්වේද විශාරද පණ්ඩිත, වෛද්‍ය චමරි වෛද්‍යරත්න මහත්මිය විසින් ලංකාදීප පුවත්පතට සැකසූ ලිපියක් ඇසුරිනි -
Wednesday, 12 November 2014
Posted by චමියා
උඩ දාගෙන ගහපු ඇන්ටිගෙ ගැහිල්ල
උඩ දාගෙන ගහපු ඇන්ටිගෙ ගැහිල්ල
"පුතා මම තමා දාන්නේ ඔන්න හරිද" ඇන්ටිගේ කතාවෙන් මාව කරකවලා ඇතෑරියා වගේ. ඇයි යකෝ ඔච්චර කල් පිරිමි දානවා දැකලා තිබ්බත් ගෑනියක් දානවා කියලා අහලවත් තිබුනද? අබුද්දස්ස කාලේ ලබුත් තිත්තලු, මොනව උනත් කමක් නෑ ඔන්න ඔහේ ඇන්ටිට දාන්න දෙනවා කියලා මමත් හිත හදාගත්තා. හරි ඇන්ට් අව්ලක් නෑ.. එලට තියෙයිද, අවුල් වෙයිද වගේ සීන් ගොඩක් ඔලුවට සෙන්ටිමෙන්ට්ල් උනත් ඇන්ටිට ඔන්න ඔහේ දාන්න කීවා...
ඉස්සරෝම ඇන්ටී හොදට අත් දෙක එහෙම හෝදගෙන අරකට තෙල් ටිකක් වක් කෙරා... ඒ කරලා හොදට ඒක හැමතැනම ගෑවා... ඒවගේම ඇන්ටිගේ කැමැත්ත උඩ මට කැමරාව අරන් ඇන්ටිගේ ගැහිල්ල වීඩියෝ කරගන්නත් පුලුවන් උනා... ඔන්න එහෙනම් බලාපල්ලකෝ ඇන්ටිගේ ගැහිල්ලේ තරම
ඒ පැත්තේ කවුරුහරි යනවනම් ඇන්ටිගේ කොත්තුවක් රස බලන්න පුලුවන්
මේ ඇන්ටිගේ කොත්තු කඩේ තියෙන්නේ මහනුවර - යාපනය මාර්ගයේ දඹුල්ල-මාතලේ අතර ඇති නාලන්ද ප්‍රදේශයේ.. කඩේට නමක් තිබ්බේ නම් නෑ. හබැයි මෙන්න මේ කඩේ ඉස්සරහා පාරෙන් එහා පැත්තේ තමා තියෙන්නේ.
Saturday, 2 August 2014
Posted by චමියා
පුක
දෙමව්පියන්ගේ අවදානයට : මෙහි "පුක" නැමැති ඉතා අසබ්බිය හරුපයක් ඇති බැව්න් ඔබේ හය හතර නොදත් අහිංසක දරුවා මෙය බැලීමෙන් වලකාගන්න
මදක් කල්පනා කර බලන්න. ඔබ ඔබේ මුහුණ, ශරීරය ලස්සන කිරීමට කොතරම් දේ කරත් සියල්ලන්ගෙන්ම වසන් වී සිටින පුකට ඒ කිසිඳු සැලකිල්ලක් නැත. නමුත් පුක එහෙම සැලකිල්ලක් ඔබෙන් බලාපොරොත්තු වන්නේද නැත්තේ අනික් අවයව මෙන් කැපී පෙනෙන්නට පුක අකමැති බැවිනි. පුක තරම් නිහතමානී අවයවයක් ඔබ සිරුරෙහි නැත.
සැ.යු: මෙය චමියාගේ මෙව්වා එකක් නොවන අතර කලකට ඉහතදී පුක පිටුවේ පලවූ ලිපියක උපුටාගැනීමකි. හුදෙක් රසවින්දනය සඳහාම මෙව්වා කරන ලද්දකි. මෙහි සියලුම හිමිකම් පුකේය.
පුක යනු කලකට ඉහතදී අප ඉතාමත් ආසාවෙන් රස විදි පිටුවකි. දැනට අකර්මණ්‍ය වී ඇති පුක පිටුව යලිත් මෙව්වා වේවායැයි චමියා පුකෙන්ම පතමි...
ජීවිතයට පුකෙන් යමක්
ඔබ උපන් දා සිට සැපේදී දුකේදී පුක ඔබ සමග සිටියේය. විපතකදී පුක ඔබ හැර දමා නොගියේය. ඔබ සිරුරෙහි කිසිදු අවයවයක් පුක තරම් අපහාස විඳ නැත්තේය, පුක තරම් තර්ජන විඳ නැත්තේය. පුක එවන් බාධක වලට නොබියව මුහුණ දෙන්නේ, ඔබට ඇති විශ්වාසවන්ත බව නිසාමය.මදක් කල්පනා කර බලන්න. ඔබ ඔබේ මුහුණ, ශරීරය ලස්සන කිරීමට කොතරම් දේ කරත් සියල්ලන්ගෙන්ම වසන් වී සිටින පුකට ඒ කිසිඳු සැලකිල්ලක් නැත. නමුත් පුක එහෙම සැලකිල්ලක් ඔබෙන් බලාපොරොත්තු වන්නේද නැත්තේ අනික් අවයව මෙන් කැපී පෙනෙන්නට පුක අකමැති බැවිනි. පුක තරම් නිහතමානී අවයවයක් ඔබ සිරුරෙහි නැත.
එබැවින පුකට කුඩම්මාගේ සැලකිලි නොදක්වන්න. ඔබේ පුක ගැන ඔබ ආඩම්බර වෙන්න. ඇස් දෙක මෙන් පුක රැක බලාගන්න. රජෙකුට මෙන් පුකට සලකන්න. පුකට ආදරය කරන්න. පුක ඔබ සමග නිරතුරුව රැදී සිටීවි… කාටවත් එය කිසිම විටක නොදෙන්න..
සැ.යු: මෙය චමියාගේ මෙව්වා එකක් නොවන අතර කලකට ඉහතදී පුක පිටුවේ පලවූ ලිපියක උපුටාගැනීමකි. හුදෙක් රසවින්දනය සඳහාම මෙව්වා කරන ලද්දකි. මෙහි සියලුම හිමිකම් පුකේය.
පුක යනු කලකට ඉහතදී අප ඉතාමත් ආසාවෙන් රස විදි පිටුවකි. දැනට අකර්මණ්‍ය වී ඇති පුක පිටුව යලිත් මෙව්වා වේවායැයි චමියා පුකෙන්ම පතමි...
Saturday, 12 July 2014
Posted by චමියා
ඇමෙරිකානු සාම සාධක හමුදා ශ්‍රී ලංකාවට
දිනය: 2014 ජූලි 07
සමාන්තර විශ්වයක සිදුවීමකි
ඇමෙරිකානු සාම සාධක හමුදා ශ්‍රී ලංකාවට....

ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින ගැටුම්කාරී තත්වය පාලනය කිරීම සදහා ඇමෙරිකානු සාමසාධක හමුදා ලංකාවට එවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරනය කර ඇත. ඇමෙරිකානු ආරක්ශක ලේකම් ජෝන් බ්ලේක් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරසිටියේ බොදු බලු සේනා නැමති බෞද්ද අන්තවාදී ත්‍රස්ත සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ ඇතිකර ඇති යුදමය තත්වය පාලනය කිරීමට මෙමෙ තීරනය ගත් බවයි. අනාගත ඇමෙරිකානු කොලනියක් වන ශ්‍රී ලංකාව තුල කිසිදු ගැටුම්කාරී තත්වයකට හෝ ත්‍රස්තවාදී සංවිධානයකට ඉඩ නොමැති බවද ඒ මහතා තව දුරටත් ප්‍රකාශ කර සිටියේය. සාමසාධක හමුද ඉදිරි දින කිහිපය ඇතුලත දිවයිනට පැමිනෙනු ඇති අත ශ්‍රී ලංකා රජය මේ සම්බන්දයෙන් කිසිදු ප්‍රකාශයක් මේ දක්වා ඉදිරිපත් කර නොමැත.
සමාන්තර විශ්වයක සිදුවීමකි
ඇමෙරිකානු සාම සාධක හමුදා ශ්‍රී ලංකාවට....

ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින ගැටුම්කාරී තත්වය පාලනය කිරීම සදහා ඇමෙරිකානු සාමසාධක හමුදා ලංකාවට එවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරනය කර ඇත. ඇමෙරිකානු ආරක්ශක ලේකම් ජෝන් බ්ලේක් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරසිටියේ බොදු බලු සේනා නැමති බෞද්ද අන්තවාදී ත්‍රස්ත සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ ඇතිකර ඇති යුදමය තත්වය පාලනය කිරීමට මෙමෙ තීරනය ගත් බවයි. අනාගත ඇමෙරිකානු කොලනියක් වන ශ්‍රී ලංකාව තුල කිසිදු ගැටුම්කාරී තත්වයකට හෝ ත්‍රස්තවාදී සංවිධානයකට ඉඩ නොමැති බවද ඒ මහතා තව දුරටත් ප්‍රකාශ කර සිටියේය. සාමසාධක හමුද ඉදිරි දින කිහිපය ඇතුලත දිවයිනට පැමිනෙනු ඇති අත ශ්‍රී ලංකා රජය මේ සම්බන්දයෙන් කිසිදු ප්‍රකාශයක් මේ දක්වා ඉදිරිපත් කර නොමැත.
තව ටික දවසකින් මේ වගේ ප්‍රවෘත්තියක් අහන්න ලැබුනොත් උබලා පුදුම වෙන්න එපා.. මට පේන බලන දේවාලයක් දාලා දියල්ලා..
Tuesday, 17 June 2014
Posted by චමියා
ඩක්වත් ලුවිස්
ඕව් සුබ සැන්දෑවක් වේවා මා ප්‍රියාදර කීඩා ලෝලී මිත්තවරුනී.. අද තරගයේ විස්තර විචාරය සඳහා මා මයික්‍රපෝනය බාරදෙනවා මා හිතාදර ඕඩ්රිල් කුරුප්පුට..
"ඕ යෝ යෝ තැන් කූ මිස්ට වීරේ ඉට්ස් අ හොට් ඇන් සනී දේ බොත් ටීම් ආ ඉන් පපෙක්ට් කොන්ඩිසොං...
ඔකේ හිය කම්ස් ද ටූ ටීම් සී ලංකා චූස් ටූ බැට් පස්ට්..."
තරගය එසේ මෙව්වා වුනු අතර විස්තර විචාරයද උත්කර්සවත් අන්දමින් මෙව්වා විය.
ඔව් දැන් වම් පාදයෙන් පාදග පන්දු යවන ලයනල් මෙසී දිව එනවා ක්රීඩාගාර අන්තයේ සිට විනිසුරු කරු පසුකරමින් පන්දුවක් යොමු කරනවා දිනේශ් චන්දිමාල් වෙත,,,
ඔව් ඉතා දර්ශනීය පහරක්... ශෝට් මිඩ් විකට් කලාපය දෙසට ඇදීයන පන්දුව ලුවිස් ගුස්ටාවෝ විසින් රැක ගෙන කඩුළු රකින ජෙෆර්සන් වෙත යොමු කරනවා... ඕ ජෙෆර්සන් පන්දුව රැකගැනීමට අපෝහොසත් වෙනවා ඉතමත් දර්ශනීය අගනා යොමු කිරීමක් ලයනල් මෙසී තරගයයේ පළමු ගෝලය ලබාගන්නවා...
අති රමනීයයි... සී ලංකාවේ 3 වන කඩුල්ල එසේ බිඳවැටෙදී මී ලඟට පන්දුවට පහරදීම සදහා අතිරේක ක්‍රීඩක වමතින් පන්දුවට පහරදෙන හියුගෝ ලුවිස් ක්‍රීඩාගාරයේ සිට පැමිනෙනවා...
ඇයි වදේ.. එක පාරකට හැම චැනල් එකකම එක මැච් එකක් පෙන්නහල්ලකෝ... නැත්නම් එක දවසට එක මැච් එකක් තියහල්ලා... ඕකෙන් මේකෙන් වෙන්නේ බලන එවුන් කුරුවල් වෙන එක :D
"ඕ යෝ යෝ තැන් කූ මිස්ට වීරේ ඉට්ස් අ හොට් ඇන් සනී දේ බොත් ටීම් ආ ඉන් පපෙක්ට් කොන්ඩිසොං...
ඔකේ හිය කම්ස් ද ටූ ටීම් සී ලංකා චූස් ටූ බැට් පස්ට්..."
තරගය එසේ මෙව්වා වුනු අතර විස්තර විචාරයද උත්කර්සවත් අන්දමින් මෙව්වා විය.
ඔව් දැන් වම් පාදයෙන් පාදග පන්දු යවන ලයනල් මෙසී දිව එනවා ක්රීඩාගාර අන්තයේ සිට විනිසුරු කරු පසුකරමින් පන්දුවක් යොමු කරනවා දිනේශ් චන්දිමාල් වෙත,,,
ඔව් ඉතා දර්ශනීය පහරක්... ශෝට් මිඩ් විකට් කලාපය දෙසට ඇදීයන පන්දුව ලුවිස් ගුස්ටාවෝ විසින් රැක ගෙන කඩුළු රකින ජෙෆර්සන් වෙත යොමු කරනවා... ඕ ජෙෆර්සන් පන්දුව රැකගැනීමට අපෝහොසත් වෙනවා ඉතමත් දර්ශනීය අගනා යොමු කිරීමක් ලයනල් මෙසී තරගයයේ පළමු ගෝලය ලබාගන්නවා...
අති රමනීයයි... සී ලංකාවේ 3 වන කඩුල්ල එසේ බිඳවැටෙදී මී ලඟට පන්දුවට පහරදීම සදහා අතිරේක ක්‍රීඩක වමතින් පන්දුවට පහරදෙන හියුගෝ ලුවිස් ක්‍රීඩාගාරයේ සිට පැමිනෙනවා...ඇයි වදේ.. එක පාරකට හැම චැනල් එකකම එක මැච් එකක් පෙන්නහල්ලකෝ... නැත්නම් එක දවසට එක මැච් එකක් තියහල්ලා... ඕකෙන් මේකෙන් වෙන්නේ බලන එවුන් කුරුවල් වෙන එක :D
ප/ලි : ඩක්වත් ලුවිස් ක්‍රමය උපයෝගී කරගෙන බ්‍රසීල කන්ඩායම කඩුළු 4ක තියුනු ජයක් වාර්තා කරන ලදී
Thursday, 12 June 2014
Posted by චමියා
මැට්ටෝ මම ආවා
මැට්ටෝ මම ආවා...
ඒක ඇහෙනකොටත් මම ඉගිලෙන්න පටන් ගෙන ඉවරයි... සරත් ඍතුවේ රක්ත වර්න අහස යටින් පියාබන්න පටන්ගෙන ඉවරයි... උද්‍යාන බංකුවේ ඉදන් සයර් ගං ඉවුරට මහලොකු දුරක් නැති උනත් ඒ ගත වුන කාලය දැනුනේ මහා බද්‍ර කල්පයක් වගේ...මැට්ටෝ මම ආවා... ඒ වචන තුන ඒ වෙනකොටත් මගේ හදවත ඇතුලේ දෝංකාර දෙන්න පටන් ගෙන ඉවරයි... මොහොතකින් මම හිටියේ සයර් ගං ඉවුර දිගේ වැටුන දේවදාර මං පෙතේ... දේවදාර මං පෙතට සයර් ඉවුර ලස්සනට පේනවා කියලා අහලා තිබුනට ඒ ලස්සන මෙච්චර කාලෙකට දැකලා තිබුනේ නෑ...
දින වකවානු මතක නොතිබුනත් සරත් ඍතුවේ රක්ත වර්න දෙව්දු ඒ වෙලේ හිටියේ අද දවසට එලිය දුන්නා ඇති කියලා හිතාගෙන... ඉවුර සිසාරා ඇස් දිව්වත් හොයපු දේ හම්බුනේ නෑ.. පුදුමයි...
සුවිසල් දේවදාර ගසින් රැකවරනය ලැබූ යුකැලිප්ටස් කොළ වැටුන රත් පැහැති ඉවුරේ රෙබරෝසියා මලින් සෑදූ මෘදු පළස පුරාවට හොයව්වත් හම්බුනේ නෑ... ඒත් එක් නිමේශයක...
සයර් ඉවුරේ මෘදු සුලග ඇගේ අක්මබරු කෙහෙරැල් මත දග කරන්න පටන්ගෙන... අච්චු කන්තොරුවේ වාශ්ප එන්ජිම මෙන් හදවත් මටත් හොරා වැඩ... හෙමින් පලයං....හෙමින් පලයං කියලා හදවත යටිගිරියෙන් කෑ ගහුවත් හදවතට එකඟ නොවීමේ දගකාර සිතුවිල්ලක් ඒ වෙනකොටත් පැන නැගිලා ඉවරයි... රළු පාද වෙළුන යුකැලිප්ටස් කොල සමඟ පැමින් මැදී ඔවුන් සිහින් සරින් හඬ නගන ශබ්දය ඇගේ රමනීය මදහසට තනුවක් එක්කරන්න තනමින් සිටියා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..
.
.
.
මොන මඟුලක්ද යකෝ... මැට්ටී මම එනකම් හිටියා මම මැට්ටිව හම්බුනා අපි පෙම්න් වෙළුනා සීනරිය ඉවර උනා... එච්චරයි
-නිමි-
Sunday, 25 May 2014
Posted by චමියා















