Archive for 08/28/18

අඳුර


ජීවිතයේ සමහර වෙලාවල් එනවා අපිව එක පාර උස්සල පොලේ ගහන විතරක් යැපොලවටම තියල තද කරනවාසන්සුන්ව ගලාගෙන අපු දහරාව සුවිශාල දිය ඇල්ලකින් පහලට කඩං වැටෙනවඅවුරුදු ගානකට කලින් බලෙන් ඈත් කරල දාපු අදුර ආයෙත් අපිව හොයන් ඇවිත් අපිව වෙලාගන්නවා

අවුරුදු ගානකට කලින් ඒක අයින් කෙරේ ඒකට බය නිසාමිනිස්සු කියපු කතන්දර නිසාඒත්කාලයක් ආදරය කරල වෙන්වුන පෙම්වතියක් නැවත හමුවෙනවා වගේ හැගීමකින් අපේ ආත්මය ආයෙත්  අදුර විසින් වෙලාගන්නවඒකට දැන් ආදරේ හිතෙනවා 

කාලාන්තරයක් තිස්සේ සිටි නොවටිනානරක්වූ මුලුමහත් මිනිස් සමාජයෙන් එක මොහොතකට ඔසවා වෙන්කර තබන  අදුරු මොහොතවල් වල මා දැන් ආලෝකයක් දකිනවා


ආද්‍යාත්මය තුල සිරව පවතිනා හැගීම සමුදායන් අසුරු සැනයෙකින් "සිහියනැමැති මහා වේල්ල බිද හෙලාගෙන යන මගෙහි හමුවන සියල්ලක්ම අදුරෙන් වෙලාගනිමින් ගලායෑම ඇරබෙනවානොනවතින සයිරන් නලා නාද වෙනවාකුණාටුව ආරම්භ වෙනවාකාලය පිලිබද අප මිනිස් සන්තානයේ ඇති මූලිකම ගැගීම් වලටවත් මෙයින් ගැලවීමක් නෑ

මේ සුවිශාල ජලගැල්මෙන් පසුව ඉතිරිවනේ සරු පසක්මඩ ගොහොරුවකින් වැසීගිය මිටියාවත් නැවත පන ලබනවාඅලුත් සිතුවිලි සෙමින් දළුලනවාසැබෑ මිතුරන්ආදරණීයන් මේ නැවත පනනගින මිටියාවත තවත් සරුසාරවත් කරවනවා. සමහර පුංචි පැල කාලයක් යද්දී කිසිම ගංවතුරකට, කුණාටුවකට සෙලවීමටවත් නොහැකි වන වෙල පොලවට මුල අල්ලා සරුසාරවත් ලෙස වර්ධනය වෙනවා


ඒත් අමතකකරන්න එපාබිදුනු වේල්ල නැවත ගොඩනැගෙන බවආයෙත් නොදැනීම එය පිරීයන බව
Tuesday 28 August 2018
Posted by චමියා

චමියව අල්ලගන්න

Hire Me

චමියගෙ කඩේ

රිංගපු ගාන

මිතුරු සින්ඩි

lanka blog reader ලංකා බ්ලොග් කියවනය

Popular Post

Followers

chat

- Copyright © 2013 චමියාගේ ලෝකය - The World How Chami Seems It -Metrominimalist- Powered by WHITE CODE - Designed by Champika M -