Posted by : චමියා Tuesday 28 May 2013

විභාගෙටත් තව මාස දෙකක් විතරයි තියෙන්නේ.. හැමෝම කියන්නේ පාඩම් කරපන් ගොඩදාගන්න උබට පුළුවන් කියලා.. අනේ පල ඩෝ යන්න. උබලනම් කියයි... මේ අවුරුදු දෙකම මම නිකම්ම ගෙවලා දැම්මා කියලා උබලා දන්නේ නැද්ද? ඇත්තටම බැලුවොත් පේපර් එක දැන් මට ගෙනත් දුන්නත් විභාගේ ගොඩදාගන්නවා බොරු. ඒ තරමටම කෙලවිලා ඉන්නේ. මොනවා කරන්නද මන්දා... 
                                                    මැට්ටි හිතන් ඉන්නේ මම විභාගේ ගොඩදාගෙන, හොද ජොබ් එකක් කරලා එයාව බැදලා සතුටින් ජීවත් වෙයි කියලා.... මට උබ ගැන දුකයි බං මැට්ටියේ. උබේ බලාපොරොත්තු මම ඉ‍ටු කරන්නේ කොහොමද මගෙ මැට්ටි? 
                                                   ඒ ලෙවල්වත් නැති කොල්ලෙකුට උබලගෙ ගෙදරින් උබව දෙයිද? උබ හොදට ඉගෙනගනිං බං. ඒ කරලා කැම්පස් පලයං. ඒ කරලා හොද ජොබ් එකක් කරපං... ඊට පස්සේ උබට මට වඩා හොද, මටත් වඩා උබට ආදරේ කරන, කාටවත් අතපාන්නේ නැතිව උබව ජීවත් කරවන්න පුලුවන් කොල්ලෙක් උබට හම්බවෙයි... එතකං මම් උබෙ ලග උබෙ හැම දේකටම ඉන්නවා... මොකද මං උබට මේ ලෝකේ කිසිම දේකට වඩා ආදරේ කරන නිසා. මගෙ මුලු ජීවිතේම උබ මගෙ මැට්ටියේ... උබේ ඔය ලස්සන මූනේ ඇදෙන හිනාව තමා මගේ ගැම දෙයක්ම... ඒ වෙනුවෙන් මම ඕනෙම දෙයක් කරනවා... ඒත් උබ කවදාහරි දවසක මගේ ලගට ඇවිත් හරියට කන්න බොන්නවත් නැතුව දුක් විදිනවා බලං ඉන්න මට බෑ රත්තරං. මම පපුව පැලිලා මැරෙයි... ඒකයි මම කිව්වේ හොදට ඉගෙනගෙන හොද කොල්ලෙක් හොයාගනින් කියලා... ඊට පස්සේ උබට සතුටින් ජීවත් වෙන්න පුලුවන් මගෙ මැට්ටි.... ආදරේ විතරක් තිබිලා මදි බං ජීවත් වෙන්න... ඒක තේරුම් ගනිං. ජීවත් වෙන්න සල්ලිත් ඕනේ. ඒත් මට උබට දෙන්න පුලුවන් ආදරේ විතරයි මගෙ මැට්ටි.. 
                     උබ මට දවසක් කිව්වා නේද උබට ෆැශන් ඩිසයිනර්  කෙනෙක් වෙන්න ඕනේ කියලා.. උබ හොදට ඉගෙනගනිං... මම පාරේ හිගාකාලා හරි උබව ෆැශන් ඩිසයිනර්  කෙනෙක් කරනවා මගෙ පැටියො... මම මාව විකුනලා හරි ඒ දේ කරනවා.... ඊට පස්සේ?? මට මැවිලා පේනවා උබ ෆැශන් ඩිසයිනර්  කෙනෙක් උනාම උබේ ඔය මූනේ ඇදෙන හිනාව. මගේ ජීවිතේ ඉතුරු කාලේ ඒක මතක් කර කර මට ජීවත් වෙන්න පුලුවන් බං.  උබ ලස්සන ජීවිතයක් ගතකරපං . මාව සම්පූර්ණෙන්ම අමතක කරලා දාපං... උබේ හදවතේ මගේ ගැන තියන Partition එක Format කරලාම දාපං.... මැට්ටා කියලා එකෙක් හිටියද කියලවත් මතක නැති වෙන්න...  මෙ කාළකන්නියාත් එක්ක ඇවිත් උබට වෙන්නේ දුක් විදින්න බං. මම උබට කියාගන්න බැරිතරම් ආදරෙයි. ඒත් ඒ ආදර් උබට කන්න පුලුවන්ද? උබට ඒ ආදරේ අදින්න පුලුවන්ද? උබට ලෙඩක් දුකක් හැදුනම ඒ ආදරෙන් මට ඒක හොද කරන්න පුළුවන්ද? ඇත්තට මූන දියං මැට්ටී.... උබ හොද තැනකට එනකම් මට පුළුවන් ව්දිහට මම උබව බලාගන්නවා... ඊට පස්සේ උබ උබේ සිහින හැම එකක්ම හැබෑ කරගනිං බං... ලස්සන ගෙයක් හදාගනිං.. හොද ලස්සන, උබට ගොඩක් ආදරේ කරන, උබව බලාගන්න පුලුවන් කොල්ලෙක් බැදගනිං... නිවුන් ලමයි දෙන්නෙක් හදාගනිං.... ඒ කරලා හැමදාම උබේ ඔය ලස්සන හිනාව හැමදාම මූනේ තියාගෙන සතුටින් ජීවත් වෙයං...
ඒත්........
මේ මැට්ටාගේ මුලු ලෝකෙම උබ, මේ මැට්ටා ආදරේ උබට විතරමයි.... ඌ ජීවත් වෙන්නෙත් උබ නිසා.... ඒක හැමදාටම එහෙමමයි.. කවදාවත් වෙනස් වෙන්නේ නෑ....
මම ඔයාට කියාගන්න බැරිතරම් ආදරෙයි මගෙ රත්තරං මැට්ටියෝ....

Being deeply loved by someone gives you strength, while loving someone deeply gives you courage.
-Tao Tzu-

.

{ 7 ක් අයිඩියා පාරවල් දාලා... read them below or Comment }

  1. පට්ට මචං.. අවංකව හැඟීම් වචනවලට දාල තියෙනවා..

    ReplyDelete
  2. mage es walata kaduluth awaa chami..oyala dennata ehema wenna epa kiyala mn prarthana karanawa

    ReplyDelete
  3. දඩ බඩෝන් ගාලා අදහස් ටික කියලා දැම්මා වගේ.. නිකන් හුරතල් කරනවට වඩා ඒකත් හොදයි...:D

    ReplyDelete

චමියව අල්ලගන්න

Hire Me

චමියගෙ කඩේ

රිංගපු ගාන

මිතුරු සින්ඩි

lanka blog reader ලංකා බ්ලොග් කියවනය

Popular Post

Followers

chat

- Copyright © 2013 චමියාගේ ලෝකය - The World How Chami Seems It -Metrominimalist- Powered by WHITE CODE - Designed by Champika M -