Posted by : චමියා
Tuesday, 28 May 2013
අළුතෙන් ගෙනා බල්ලානම් පුදුමාකාර බල්ලෙකි.(රූපයේ සිටින එකාය) එක්කෝ ඌ නිදාගත යුතුය. නැතිනම් අපට නිදාගැනීමට දිය යුතුය. පෙලපත උසස් වුවත් මූ කළුවරට බයය. කළුවරේ තිබූ ගමන් යටිගිරියෙන් කෑ ගසන්නේය. මොන උප්පරවැට්ටිය දමා හෝ ගෙට රිංගන්නේය. මේ දිනවල අප නිවසේ අපූරු දර්ශනයක් දැකගත හැක. ඒ අත්තම්මා කෝටුවක් කඩාගෙන දවස පුරා බල්ලා පසුපස එලවීමය... ඉස්සරනම් එලෙව්වේ මා පසුපසය.
මේ බල්ලා ඉපදී ඇත්තේ කෑමට පමනක් බව මට වැටහේ. ඌ කොපමන බඩජාරියෙක්ද කිවහොත් අසේලයා උගේ දුරබනුව ගලවා සුකුරුත්තම් කර කර සිටින අවස්තාවේ මේ බල්ලා පැමිණ අසේලයාගේ දුරබනුවේ ඩිස්ප්ලේ එක ගෙඩිය පිටින් ගිල දැම්මේය. දැන් අසේලයාට ෆෝන් එකක් නැත. බල්ලාට කන්න නැත. ඒ සිද්දියෙන් පසුව අසේලයාට බල්ලාව පෙන්න්නන්නට බැරිය.කොටින්ම කිවහොත් මූ ඌට හමුවන ඕනෑම දෙයක් ගිල දමන්නේය. චුවින්ගම්,ගල්,වීදුරු කටු කිසිම අපහසුවකින් තොරව ගිලින්නේය. අපේ ගුරා කිවූ පරිදි මූ අනිවා ගිය ආත්මයේ L.T.T.E කාරයෙක්ය.
මූ බල්ලෙක් නොව ගේ ගෙම්බෙකි. මුගේ වැඩේම ගෙට රිංගීමය. උට එයින් තොර ලොවක් නැත. අපිට නිදාගන්නද නැත.ඌ මගේ ඇදේ නිදාගැනීමට පුදුමාකාර ආශාවක් දක්වන්නේය. මේ හේතුව නිසාම අසේලයා දැන් සුදු සීයාගේ ඇදේ නිදාගනී... සුදු සීයාද පට්ට චරිතයකි... ඔහු ගැන වෙනම පෝස්‍ටුවකින් කතා කරන්නෙමි. මේ බල්ලාට නම තබන්නට තිබුනේ කිලෝ බයිට් කියා නොව වෙන මොකක් හරි රෙද්දකි. මූ නමටත් අපහාසයක්ය. කෙසේ හෝ අවසානයේදී මූ දැන් මගේ ඇදේ අසේලයාගේ කමිසයක් මත නිදිය. ඒ බව නොදත් අසේලයා එහා කාමරේ නිදිය....... මේ විගඩම් බලාසිටි මමත් දැන් නිදිය.
මල විකාර
ReplyDeleteමගේ බලූ ගොස්තරෙත් ඔහොමම තමා හැබැයි එකනම් එලියට යන්නෙම න ගේ අස්සේම තම ඉන්නේ නිදාගන්නෙත් මා එක්ක ඇදේ :3 කන්නෙත් ඉස්තරම් කෑම (ඔය ගෙදර දේවල් ) මගේ රෙදි සපත්තු ඇරෙන්ඩ අනිත් ගෙදර තියන හැම දේම කනවා (මගේ පා පහරට බයේ මගේ දේවල් කන්නේ නැ ^_^ ) දැන්නම් ආච්චි බල්ලව එලියෙලු තියන්නේ මම නැති හින්දා :)
හිකි හිකි අසේලයට පව් යකු
ආච්චී උබ නැති නිසා එහෙනම් බොහෝම සතුටින් ඇති :D
Delete:v එකනම් හැබයි
Delete