Archive for 06/05/16
නොකියූ කතාවක්
ජීවිතේ මහ පුදුමාකාර තැනක්. එක එක හැඩතල පිරුන හරි අපූරු තැනක්. මේ අපූරු ජීවිතේ අපිට හිමි තැන හොයගෙන වෙලාවකට අපි ඉබාගාතේ ඇවිදිනවා. ඒත් ජීවිතේ කියන්නේ ඒ ඇවිදීමට කියල දැනුනම හිතට එන ඒ මූසල අඳුරු හැගීම කලාමැදිරියෙක්ටවත් නවත්තන්න බෑ.
වෙලාවකට අපි එක එක හැඩතල අතරේ පාරක් තොටක් හොයාගන්න බැරිව අතරමන් වෙල ඉන්නවා. ඒත් එකපාරටම කොහෙන්දෝ නැතිව අපූරු සංකල්පයක් කඩාපාත් වෙනව.
උනුසුම් ආදරනීය අලෝකමත් හැගීමක්. චූටි හිනාවක් මුවගට එනව. හරිම ආදරයෙන් ගොඩනැගෙනව. බොහෝම හිමීට. මේ ගැඹුරු ආත්මීය සන්දර්භය අපිව වෙලාගන්නේ කිසිම අනුකම්පාවක් නොමැතිව.
ගැඹුරු උණුසුම් හැගීමක්. මතකයන් ගොඩාක් පොදි ගැහිල තෙරපෙනව. එලියට එන්න බරිව පුදුම අසරනකමකින් බලන් ඉන්නව වගෙ දැනෙන්නේ.. ඒ අපිව එලියට දාන්නේ නැද්ද? උන් කෑමොර දෙනව.
ඒ ආදරනීය උනුසුම වියලිලා ගිහින්. වියලි කතර ආයෙත් මල් පීදිලා.. ඒත් කොහේදෝ කොනක.. බොහෝම දුර ඈතක...
ආදරනීය හිනාවක්.....
P.S. ආයෙ ලියන්න මතක් කෙරාට ටානටයි නොකියූ කතාවක් ඇදල ගත්ත මල්කටයි බඩාටයි පිං
Sunday 5 June 2016
Posted by චමියා