- Back to Home »
- taboo , කලාව , ජීවිතය , මනෝ , රස්තියාදු , විකාර , සමාජ විවරණ , හීන »
- ආට් එක
Posted by : චමියා
Tuesday, 2 May 2017
නෙම්සිස් චකිතය සමග විසදුමක් පෙනහළු සිපගන්නේ නිරායාසයෙන්. ඒ වේලාවට ජිවිතේ අන්තිමට තෝරගන්නේ මොනවද ඇහුවොත් විසදුමයි සිංදුවයි තෝරගයි. විසදුම විසඳුමක් වෙන්නෙත් මියුසික් ආත්මය වෙන්නෙත් එතකොට.
මායවේ මා යලි තැවෙන්නෑ
ගිටාර් ඈම්ප් එකකින් එන ලීඩ් පාට් එක වෙන මොකෙන්වත් දැනෙන්නෑ.
කැඩිච්ච රේඩියෝ එකක එකම සිංදුව හැමදාම ප්ලේ වෙන කැසට් එකකට එකක් තෝරන්න හම්බුනොත් තෝරගන්නෙ ඒක.
මෙහෙ ආට් නෑ මිත්‍රයා. මෙහෙ තියෙන්නෙ මායාව විතරයි.
ඔබටයි මටයි කළුවර සැන්දෑවක සීතල බීර වීදුරුවක් සමග අදුරු ශාලාවක නිහඩ චිත්‍රපටයක් බලන්න බෑ
උණුසුම් තැබෑරුමක රවුම් මේසයකට වී හියුගෝ ගැන කෑ කොස්සන් ගසන්නට බෑ
අඩුම තරමේ නෘත්‍ය ශාලාවකට ගල් ගසා පටු මාවත් අතරින් පැන දුවන්නවත් බෑ
මෙහෙ මුකුත් නෑ මිත්‍රයා.