Posted by : චමියා Tuesday, 28 August 2018


ජීවිතයේ සමහර වෙලාවල් එනවා අපිව එක පාර උස්සල පොලේ ගහන. ඒ විතරක් යැ, පොලවටම තියල තද කරනවා. සන්සුන්ව ගලාගෙන අපු දහරාව සුවිශාල දිය ඇල්ලකින් පහලට කඩං වැටෙනව. අවුරුදු ගානකට කලින් බලෙන් ඈත් කරල දාපු අදුර ආයෙත් අපිව හොයන් ඇවිත් අපිව වෙලාගන්නවා. 

අවුරුදු ගානකට කලින් ඒක අයින් කෙරේ ඒකට බය නිසා. මිනිස්සු කියපු කතන්දර නිසා. ඒත්, කාලයක් ආදරය කරල වෙන්වුන පෙම්වතියක් නැවත හමුවෙනවා වගේ හැගීමකින් අපේ ආත්මය ආයෙත් ඒ අදුර විසින් වෙලාගන්නව. ඒකට දැන් ආදරේ හිතෙනවා 

කාලාන්තරයක් තිස්සේ සිටි නොවටිනා, නරක්වූ මුලුමහත් මිනිස් සමාජයෙන් එක මොහොතකට ඔසවා වෙන්කර තබන ඒ අදුරු මොහොතවල් වල මා දැන් ආලෝකයක් දකිනවා. 


ආද්‍යාත්මය තුල සිරව පවතිනා හැගීම සමුදායන් අසුරු සැනයෙකින් "සිහිය" නැමැති මහා වේල්ල බිද හෙලාගෙන යන මගෙහි හමුවන සියල්ලක්ම අදුරෙන් වෙලාගනිමින් ගලායෑම ඇරබෙනවා. නොනවතින සයිරන් නලා නාද වෙනවා. කුණාටුව ආරම්භ වෙනවා. කාලය පිලිබද අප මිනිස් සන්තානයේ ඇති මූලිකම ගැගීම් වලටවත් මෙයින් ගැලවීමක් නෑ. 

මේ සුවිශාල ජලගැල්මෙන් පසුව ඉතිරිවනේ සරු පසක්. මඩ ගොහොරුවකින් වැසීගිය මිටියාවත් නැවත පන ලබනවා. අලුත් සිතුවිලි සෙමින් දළුලනවා. සැබෑ මිතුරන්, ආදරණීයන් මේ නැවත පනනගින මිටියාවත තවත් සරුසාරවත් කරවනවා. සමහර පුංචි පැල කාලයක් යද්දී කිසිම ගංවතුරකට, කුණාටුවකට සෙලවීමටවත් නොහැකි වන වෙල පොලවට මුල අල්ලා සරුසාරවත් ලෙස වර්ධනය වෙනවා


ඒත් අමතකකරන්න එපා, බිදුනු වේල්ල නැවත ගොඩනැගෙන බව, ආයෙත් නොදැනීම එය පිරීයන බව

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

චමියව අල්ලගන්න

Hire Me

චමියගෙ කඩේ

රිංගපු ගාන

මිතුරු සින්ඩි

lanka blog reader ලංකා බ්ලොග් කියවනය

Popular Post

Followers

chat

- Copyright © 2013 චමියාගේ ලෝකය - The World How Chami Seems It -Metrominimalist- Powered by WHITE CODE - Designed by Champika M -