Archive for 2018

ඔබෙන් සමුගනිමි

 අන්ධකාරය මා වෙලාගනිමින් පවතීමෙයින් මට ගැලවීමක් නොමැති බව මා හොදාකාරවම දනිමිමා හට සියල්ලෙන්ම වෙන් වීමට උවමනායවෙන්වීම් තවදුටත් වේදනාවක් නොවීයසියුම් හිම වැස්මකින් මා වෙලායයි.

තවදුරටත් මා හට ආලෝකයේ සිටීමට නොහැකආලොකය මා හට ශාරීරිකවම වේදනා ගෙන දේමට ඇති එකම වේදනාව එයයි


තවදුරටත් මා හට අන්ධකාරයෙන් මා වෙන්කර හැදුනා ගැනීමය නොහැකිමා යාව ඇත

මා ගිල ගනිමින් පවතීආපසු  වයුපත්‍රික කේතුදර ගස දෙසට ඇදී යයි.  මා බලන්නෙ ඉදිරිද පසුපසද යන්න මට හැගීමක් නොමැත නොස්ටැලජියාවට මා ප්‍රිය කරමිමෙම යතාර්තයෙන් වයුප්පන්න වී එම යතාර්තය තුල කිමිදීමයට මා උත්සාහ කරමි




ආලෝකය දෙසට නොනැවතී ඇදෙන මෙරුවෙකු මෙන් මා අදුරට ඇදී යමිඅදුරේ මෙරුවා මම වෙමි. මා ඔබෙන් සමුගනිමි.


Friday 21 September 2018
Posted by චමියා

අඳුර


ජීවිතයේ සමහර වෙලාවල් එනවා අපිව එක පාර උස්සල පොලේ ගහන විතරක් යැපොලවටම තියල තද කරනවාසන්සුන්ව ගලාගෙන අපු දහරාව සුවිශාල දිය ඇල්ලකින් පහලට කඩං වැටෙනවඅවුරුදු ගානකට කලින් බලෙන් ඈත් කරල දාපු අදුර ආයෙත් අපිව හොයන් ඇවිත් අපිව වෙලාගන්නවා

අවුරුදු ගානකට කලින් ඒක අයින් කෙරේ ඒකට බය නිසාමිනිස්සු කියපු කතන්දර නිසාඒත්කාලයක් ආදරය කරල වෙන්වුන පෙම්වතියක් නැවත හමුවෙනවා වගේ හැගීමකින් අපේ ආත්මය ආයෙත්  අදුර විසින් වෙලාගන්නවඒකට දැන් ආදරේ හිතෙනවා 

කාලාන්තරයක් තිස්සේ සිටි නොවටිනානරක්වූ මුලුමහත් මිනිස් සමාජයෙන් එක මොහොතකට ඔසවා වෙන්කර තබන  අදුරු මොහොතවල් වල මා දැන් ආලෝකයක් දකිනවා


ආද්‍යාත්මය තුල සිරව පවතිනා හැගීම සමුදායන් අසුරු සැනයෙකින් "සිහියනැමැති මහා වේල්ල බිද හෙලාගෙන යන මගෙහි හමුවන සියල්ලක්ම අදුරෙන් වෙලාගනිමින් ගලායෑම ඇරබෙනවානොනවතින සයිරන් නලා නාද වෙනවාකුණාටුව ආරම්භ වෙනවාකාලය පිලිබද අප මිනිස් සන්තානයේ ඇති මූලිකම ගැගීම් වලටවත් මෙයින් ගැලවීමක් නෑ

මේ සුවිශාල ජලගැල්මෙන් පසුව ඉතිරිවනේ සරු පසක්මඩ ගොහොරුවකින් වැසීගිය මිටියාවත් නැවත පන ලබනවාඅලුත් සිතුවිලි සෙමින් දළුලනවාසැබෑ මිතුරන්ආදරණීයන් මේ නැවත පනනගින මිටියාවත තවත් සරුසාරවත් කරවනවා. සමහර පුංචි පැල කාලයක් යද්දී කිසිම ගංවතුරකට, කුණාටුවකට සෙලවීමටවත් නොහැකි වන වෙල පොලවට මුල අල්ලා සරුසාරවත් ලෙස වර්ධනය වෙනවා


ඒත් අමතකකරන්න එපාබිදුනු වේල්ල නැවත ගොඩනැගෙන බවආයෙත් නොදැනීම එය පිරීයන බව
Tuesday 28 August 2018
Posted by චමියා

චමියව අල්ලගන්න

Hire Me

චමියගෙ කඩේ

රිංගපු ගාන

මිතුරු සින්ඩි

lanka blog reader ලංකා බ්ලොග් කියවනය

Popular Post

Followers

chat

- Copyright © 2013 චමියාගේ ලෝකය - The World How Chami Seems It -Metrominimalist- Powered by WHITE CODE - Designed by Champika M -