Archive for 2013

අළුත් කලාවක් හොයාගත්තා මං ගොඩයන්නට ඕනෑනම්.....

ඔබටත් රස්සාවක් නැද්ද? හිසට වහලක් නැද්ද? ඔබේ හඩට ඉඩක් නැද්ද? කවුරුත් ඔබව ගනන් ගන්නේ නැද්ද? ඔබව හලලාද? ඔබට ජනප්‍රියවීමට අවශයද? ඔබට රූපවාහිනියේ,අන්තර්ජායලේ ප්‍රසිද්ද වීමට අවශයද? නැතිනම් ජාතික වීරයෙක්? මේ සියල්ලටම විසදුම් අද මානසිකයාගෙන්


අද මා ඔබට ඉහත සියළුම ප්‍රශ්ණ වලට ප්‍රත්‍යක්ශ විසදුමක් ලබාදෙන්න තීරණය කෙරා.. මෙය මාස ගණනක් තිස්සේ පරීක්ෂණ කරල කරලා හොයාගත්තේ,, හරි එහෙනම් වල්පල් වැඩක් නෑ අපි වැඩේට බහිමුකෝ
මේ සදහා පියවර දෙකක් තිබෙනවා.


පළමු පියවර.


අවශ්‍ය ද්‍රව්‍යය.
උස ගසක් (ප්‍රසිද්ධ ස්ථානයක පිහිටි පොල් ගසක් ඉතාමත්ම සුදුසුය) හෝ උස ගොඩනැගිල්ලක් (ප්‍රසිද්ධ ස්ථානයක පිහිටා තිබිය යුතුයි)
ලොකු ලණුවක් (හයිය නැති වුවාට කම් නැත, පෙනුමට ලොකුවට තිබිය යුතුය)
ඉනිමගක්
ජංගම දුරකථනයක්
රජයේ නොවන ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක දුරකථන අංකයක් (ප්‍රවෘත්ති කාව්‍යමය ස්වාභාවයෙන් ඉදිරිපත් කරන නාලිකාවක් ඉතාම සුදුසුය)
හොදින් අඩන්න පුළුවන් අයෙකු (මල් ශාලාවකින් පැයේ ගාස්තු ක්‍රමයට කුළියට ගත හැක)


හොදයි දැන් මෙහෙමයි වැඩේ කරන්න ඕනේ. ඉස්සරෝම සරමකුයි ඉ රුණු කමිසයකුයි ඇදගන්න ඕනේ. නැත්නම් වැඩේ තාත්වික ගතිය නැතිවෙනවා. ඊට පස්සේ කලින් සොයාගත්ත ගස හෝ ගොඩනැගිල්ල වෙත යන්න ඕනේ (මා උදාහරණය සදහා ගස යොදාගන්නම්) හැබැයි උදේන්ම යන්න ඕනේ නැත්නම් වැඩේ දෙල් වෙනවා. 

                    ඊට පස්සේ ජංගම දුරකතනෙත් ඉනේ ගහගෙන, අර ළණුවත් අරගෙන ගහ දිගේ කරටියටම බඩගාන්න ඕනේ. දැන් තමා කේස් එක නේද? ගහට නැගගන්නේ කොහොමද? මේ සදහා උස ඉනිමගක් භාවිත කර හැකියි. ගස් නගින්න බැරිනම් උස ගොඩනැගිල්ලක් සොයාගත යුතුයි. (අඩුම තරමේ වතුර ටැංකියක්වත්). මොන ජිල්මාට් එක හරි දාලා මුදුනටම නැග ගන්න ඕනේ. හැබයි හොර පොල් කඩන්න ආවා කියලා ගුටි කන්න එහෙම උනොත් මමනම් වග කියන්නේ නෑ.  

                                         හරි අපි දැන් ගහ මුදුනේම ඉන්නේ. දැන් ඉතින් බිමට වැටෙන්නේ නැති වෙන්න හොදට පට්ටල වෙලා වාඩි වෙන්න ඕනේ. මොකද හවස් වෙනකල්ම ඉන්න වෙනවා. කෑම බීම ගැන බය වෙන්න එපා බඩගිනි හැදුනොත් කුරුම්බයක් කඩාගන්න පුළුවන්. හැබැයි ඉතින් බිල්ඩිමේ ඉන්න අයටනම් අඩුමගානේ වතුර බෝතලයක්වත් ගෙනියන්න වෙනවා.

                                                  දැන් මූලික වැඩකටයුතු ටික සම්පූර්ණයි. ඊළගට තියෙන්නේ දෘෂ්‍ය ආධාරකයක් සකසා ගන්න එක. මේ සදහා අර ලණුව යොදාගන්න පුළුවන්. දැන් ඒ ලණුව අරන් හොද ලස්සන තොන්ඩුවක් හදාගන්න ඕනේ (තොන්ඩුව වැඩ කෙරේ නැතිවට කමක් නෑ පෙනුමට තිබුනොත් ඇති. ගැට ගහන්න දන්නේ නැත්නම් නගින්න කළින් දන්න කෙනෙකුට කියලා ගැටගහගන්න) ඊට පස්සේ ඒ තොන්ඩුව අරගෙන ගහේ ලස්සනට, පල්ලෙහාට පේන තැනකින් එල්ලලා තොන්ඩුව බෙල්ලට දාගන්න. ඔබ හදිස්සියේවත් වැ‍ටුනොත් මේ මගින් ඔබව බිමට නොවැටී ආරක්ශා වේවි.
                                                  ඊළගට තියෙන්නේ සීන් එකේ වැදගත්ම දේ. ඒ තමා පබ්ලිසිටි. මේ සදහා ඔබේ ජංගම දුරකථනයත් කළින් ‍තෝරාගත් මාධ්‍ය ආයතනයේ දුරකථන අංකයත්, කුළියට අඬන ඩයල් එකත් (කාන්තාවක් වීම ඉතාම සුදුසුය) යොදාගත හැක. මුලින්ම මාධ්‍ය ආයතනයට කතාකරලා, අහවල් තැන තියන අහවල් ගහේ මිනිහෙක් නැගලා ඉන්නවා, මේ ඉල්ලීම් ටික (ඔබේ ඉල්ලීම් ටික මෙතනදී ඉදිරිපත් කරන්න - රස්සාවක්,ගෙයක් වැනි) දුන්නේ නැත්නම් ඔහු ගහේ එල්ලිලා මැරෙනවා කියන්නවා කියන්න. ඊළගට ඒ එක්කම කලින් සෙට් කරගත් අඬන කෙනාව ගෙන්නා ගන්න. අයට ගස මුලට වී අදෝනා දෙමින් අඬන්න් කියලා කලින්ම කියලා තියන්න. අත්දැකීමෙන් කියන්නේ, විනාඩි 5ක් විතර යනකොට 300ක විතර සෙට් එකක් ගහ වටේ වට වෙනවා. විනාඩි 20ක් යන්න කලින් කැමාරා 20-30කුත් වටවෙනවා. 

                                                    දැන් වැඩේ හරි. කොහොමින් කොහොමහරි ඔබ ලගට කැමරාවකුයි මයික් එකකුයි එයි. ඔන්න පුතේ චෑන්ස් එක. ඔබ දැන් සජීවීව ටීවී එකේ රටටම පෙන්නනවා. හුටාර් ගාලා කියන්න තියන ඔක්කෝම කියන්න. මොකද ඉතින් ආයේ කවදා ටීවී එකේ ඉන්න වෙයිද දන්නේ නෑනේ. ඉල්ලීම් ටිකත් ඉල්ලන්න. අනිවාර්යෙන්ම "අනේ අතිගරු ජනාධිපතිතුමෝ මේ පිළිඹදව අවධානය යොමුකරලා මට සහනයක් ලබාදෙන්න" කියලා අනිවා ගැගීම්බරව කියන්න ඕනේ. එතකොට තමා ඒක කස්ටියට වදින්නේ. ඔන්න දැන්නම් වැඩේ ලෙසටම ගොඩ. පැයක් දෙකක් යනකොට ටිකක් ලොකු ලොකු උදවිය එයි. පාර්ලිමේන්තු මැති ඇමතිවරු, එක එක බල සේනා ස්වාමීන් වහන්සේලා එහෙම. ඇවිත් ඔයත් එක්ක ටිකක් කතාබහ කරලා එහෙම ඉල්ලන දේ ලබාදෙන්න අනිවා පොරොන්දු වෙනවා. කිසිම සැකයක් නෑ අත්දැකීමෙන් කියන්නේ. 

                                            දැන් ඉතින් දෙයියනේ කියලා ගහෙන් බැහැලා අර රූපවාහිනී කැමරාව ඉස්සරහා මහ රජාට පින් අනුමෝදන් කිරීමේන් වැඩේ අහවර වෙනවා. ඔන්න ඔහොමයි තොරණේ විස්තරේ..


                                                           හරි ඔය නිශ්පාදන ක්‍රියාවලියේදී මහ රජාට කන්නළව් කරන්න අමතක කෙරොත් එහෙම සමහරවිට අතරමගදී නොසිතූ ප්‍රශ්ණ ඇති වෙනවා.. ඒ තමා කාකි සූට් ගහගත්ත නිළදරුවෝ සීන් එකට එන්ටර් වීම. අන්න එතනදීනම් කිසිම පූර්ව දැනුම් දීමකින් තොරව ඔබව ගහෙන් බස්සනවා සිකුරුයි. ඒ මදිවට මදි නොකියන්න ගුටි පූජාවකුත් හම්බුවේනවා. වැඩේ අල උනා නේද? දැන් මොකෑ කරන්නේ?
බය වෙන්න කාරි නෑ.. එහෙම වුනොත් ප්ලෑන් B එක තියනවා...
 

මොකක්ද දෙවෙනි පියවර නොහොත් ප්ලෑන් B? 

ළගදීම බලාපොරොත්තුවන්න


බල්ලා (KiloByte)

අළුතෙන් ගෙනා බල්ලානම් පුදුමාකාර  බල්ලෙකි.(රූපයේ සිටින එකාය) එක්කෝ ඌ නිදාගත යුතුය. නැතිනම් අපට නිදාගැනීමට දිය යුතුය. පෙලපත උසස් වුවත් මූ කළුවරට බයය. කළුවරේ තිබූ ගමන් යටිගිරියෙන් කෑ ගසන්නේය. මොන උප්පරවැට්ටිය දමා හෝ ගෙට රිංගන්නේය. මේ දිනවල අප නිවසේ අපූරු දර්ශනයක් දැකගත හැක. ඒ අත්තම්මා කෝ‍ටුවක් කඩාගෙන දවස පුරා බල්ලා පසුපස එලවීමය... ඉස්සරනම් එලෙව්වේ මා පසුපසය. 

                                         මේ බල්ලා ඉපදී ඇත්තේ කෑමට පමනක් බව මට වැටහේ. ඌ කොපමන බඩජාරියෙක්ද කිවහොත් අසේලයා උගේ දුරබනුව ගලවා සුකුරුත්තම් කර කර සිටින අවස්තාවේ මේ බල්ලා පැමිණ අසේලයාගේ දුරබනුවේ ඩිස්ප්ලේ එක ගෙඩිය පිටින් ගිල දැම්මේය. දැන් අසේලයාට ෆෝන් එකක් නැත. බල්ලාට කන්න නැත. ඒ සිද්දියෙන් පසුව අසේලයාට බල්ලාව පෙන්න්නන්නට බැරිය.කොටින්ම කිවහොත් මූ ඌට හමුවන ඕනෑම දෙයක් ගිල දමන්නේය. චුවින්ගම්,ගල්,වීදුරු ක‍ටු කිසිම අපහසුවකින් තොරව ගිලින්නේය. අපේ ගුරා කිවූ පරිදි මූ අනිවා ගිය ආත්මයේ L.T.T.E කාරයෙක්ය.

                                                                 මූ බල්ලෙක් නොව ගේ ගෙම්බෙකි. මුගේ වැඩේම ගෙට රිංගීමය. උට එයින් තොර ලොවක් නැත. අපිට නිදාගන්නද නැත.ඌ මගේ ඇදේ නිදාගැනීමට පුදුමාකාර ආශාවක් දක්වන්නේය. මේ හේතුව නිසාම අසේලයා දැන් සුදු සීයාගේ ඇදේ නිදාගනී... සුදු සීයාද පට්ට චරිතයකි... ඔහු ගැන වෙනම පෝස්‍ටුවකින් කතා කරන්නෙමි. මේ බල්ලාට නම තබන්නට තිබුනේ කිලෝ බයිට් කියා නොව වෙන මොකක් හරි රෙද්දකි. මූ නමටත් අපහාසයක්ය. කෙසේ හෝ අවසානයේදී මූ දැන් මගේ ඇදේ අසේලයාගේ කමිසයක් මත නිදිය. ඒ බව නොදත් අසේලයා එහා කාමරේ නිදිය....... මේ විගඩම් බලාසිටි මමත් දැන් නිදිය.

Tuesday 28 May 2013
Posted by චමියා

මගෙ මැට්ටියෝ....

විභාගෙටත් තව මාස දෙකක් විතරයි තියෙන්නේ.. හැමෝම කියන්නේ පාඩම් කරපන් ගොඩදාගන්න උබට පුළුවන් කියලා.. අනේ පල ඩෝ යන්න. උබලනම් කියයි... මේ අවුරුදු දෙකම මම නිකම්ම ගෙවලා දැම්මා කියලා උබලා දන්නේ නැද්ද? ඇත්තටම බැලුවොත් පේපර් එක දැන් මට ගෙනත් දුන්නත් විභාගේ ගොඩදාගන්නවා බොරු. ඒ තරමටම කෙලවිලා ඉන්නේ. මොනවා කරන්නද මන්දා... 
                                                    මැට්ටි හිතන් ඉන්නේ මම විභාගේ ගොඩදාගෙන, හොද ජොබ් එකක් කරලා එයාව බැදලා සතුටින් ජීවත් වෙයි කියලා.... මට උබ ගැන දුකයි බං මැට්ටියේ. උබේ බලාපොරොත්තු මම ඉ‍ටු කරන්නේ කොහොමද මගෙ මැට්ටි? 
                                                   ඒ ලෙවල්වත් නැති කොල්ලෙකුට උබලගෙ ගෙදරින් උබව දෙයිද? උබ හොදට ඉගෙනගනිං බං. ඒ කරලා කැම්පස් පලයං. ඒ කරලා හොද ජොබ් එකක් කරපං... ඊට පස්සේ උබට මට වඩා හොද, මටත් වඩා උබට ආදරේ කරන, කාටවත් අතපාන්නේ නැතිව උබව ජීවත් කරවන්න පුලුවන් කොල්ලෙක් උබට හම්බවෙයි... එතකං මම් උබෙ ලග උබෙ හැම දේකටම ඉන්නවා... මොකද මං උබට මේ ලෝකේ කිසිම දේකට වඩා ආදරේ කරන නිසා. මගෙ මුලු ජීවිතේම උබ මගෙ මැට්ටියේ... උබේ ඔය ලස්සන මූනේ ඇදෙන හිනාව තමා මගේ ගැම දෙයක්ම... ඒ වෙනුවෙන් මම ඕනෙම දෙයක් කරනවා... ඒත් උබ කවදාහරි දවසක මගේ ලගට ඇවිත් හරියට කන්න බොන්නවත් නැතුව දුක් විදිනවා බලං ඉන්න මට බෑ රත්තරං. මම පපුව පැලිලා මැරෙයි... ඒකයි මම කිව්වේ හොදට ඉගෙනගෙන හොද කොල්ලෙක් හොයාගනින් කියලා... ඊට පස්සේ උබට සතුටින් ජීවත් වෙන්න පුලුවන් මගෙ මැට්ටි.... ආදරේ විතරක් තිබිලා මදි බං ජීවත් වෙන්න... ඒක තේරුම් ගනිං. ජීවත් වෙන්න සල්ලිත් ඕනේ. ඒත් මට උබට දෙන්න පුලුවන් ආදරේ විතරයි මගෙ මැට්ටි.. 
                     උබ මට දවසක් කිව්වා නේද උබට ෆැශන් ඩිසයිනර්  කෙනෙක් වෙන්න ඕනේ කියලා.. උබ හොදට ඉගෙනගනිං... මම පාරේ හිගාකාලා හරි උබව ෆැශන් ඩිසයිනර්  කෙනෙක් කරනවා මගෙ පැටියො... මම මාව විකුනලා හරි ඒ දේ කරනවා.... ඊට පස්සේ?? මට මැවිලා පේනවා උබ ෆැශන් ඩිසයිනර්  කෙනෙක් උනාම උබේ ඔය මූනේ ඇදෙන හිනාව. මගේ ජීවිතේ ඉතුරු කාලේ ඒක මතක් කර කර මට ජීවත් වෙන්න පුලුවන් බං.  උබ ලස්සන ජීවිතයක් ගතකරපං . මාව සම්පූර්ණෙන්ම අමතක කරලා දාපං... උබේ හදවතේ මගේ ගැන තියන Partition එක Format කරලාම දාපං.... මැට්ටා කියලා එකෙක් හිටියද කියලවත් මතක නැති වෙන්න...  මෙ කාළකන්නියාත් එක්ක ඇවිත් උබට වෙන්නේ දුක් විදින්න බං. මම උබට කියාගන්න බැරිතරම් ආදරෙයි. ඒත් ඒ ආදර් උබට කන්න පුලුවන්ද? උබට ඒ ආදරේ අදින්න පුලුවන්ද? උබට ලෙඩක් දුකක් හැදුනම ඒ ආදරෙන් මට ඒක හොද කරන්න පුළුවන්ද? ඇත්තට මූන දියං මැට්ටී.... උබ හොද තැනකට එනකම් මට පුළුවන් ව්දිහට මම උබව බලාගන්නවා... ඊට පස්සේ උබ උබේ සිහින හැම එකක්ම හැබෑ කරගනිං බං... ලස්සන ගෙයක් හදාගනිං.. හොද ලස්සන, උබට ගොඩක් ආදරේ කරන, උබව බලාගන්න පුලුවන් කොල්ලෙක් බැදගනිං... නිවුන් ලමයි දෙන්නෙක් හදාගනිං.... ඒ කරලා හැමදාම උබේ ඔය ලස්සන හිනාව හැමදාම මූනේ තියාගෙන සතුටින් ජීවත් වෙයං...
ඒත්........
මේ මැට්ටාගේ මුලු ලෝකෙම උබ, මේ මැට්ටා ආදරේ උබට විතරමයි.... ඌ ජීවත් වෙන්නෙත් උබ නිසා.... ඒක හැමදාටම එහෙමමයි.. කවදාවත් වෙනස් වෙන්නේ නෑ....
මම ඔයාට කියාගන්න බැරිතරම් ආදරෙයි මගෙ රත්තරං මැට්ටියෝ....

Being deeply loved by someone gives you strength, while loving someone deeply gives you courage.
-Tao Tzu-

.

දිවයිනේ ප්‍රථමයන් හා ටියුශන් කඩකාරයෝ

මේ දිනවලදී අනත්තවත් දකින්න තියන දෙයක් තමා උසස් පෙළ උපකාරක පන්ති සදහා කෙරෙන වෙළඳ දැන්වීම්,පෝස්ටර් සහ අත් පත්‍රිකා. ඒ හැම එකක්ම වගේ පටන්ගන්නේ "දිවයිනේ ප්‍රථමයින් මෙච්චරක් බිහි කල" දිස්ත්‍රික්කයේ මෙච්චරක් බිහිකල" වගේ වැකි. සමහර වෙලාවට ඒ පේන්නේ ළමයින්ව බිහි කරලා තියෙන්නේ අම්මලා තාත්තලා නෙවෙයි ටියුශන් කඩ කාරයෝ වගේ

හොදයි මේ කියන බිහිකිරීම කොතරම් දුරකට සත්‍යද?

                                             මේ ප්‍රථමයන් හැමකෙනෙක්ම එකම ටියුශන් කඩේකින් බිහි වුනේ කොහොමද කියන ප්‍රශ්නේ මම ඇහුවොත්? හැමෝම වගේ කියයි ඒ ගුරුවරුන්ගේ තියන දක්ශතාවය නිසා කියලා. හ්ම්... අපි දැනට එහෙම හිතමුකෝ. එතකොට ඒ ළමයි පාසල් ගියේ නැද්ද? ඒ ළමයින්ට පාසලේ ඉගැන්වූයේ නැද්ද? ඒ ළමයි දිවයිනේ/දිස්ත්‍රික්කයේ පලමු ස්ථාන වලට ආවේ ටියුශන් කඩේ කඩ කාරයා නිසාද?
එහෙනම් මොන හු**කටද යකෝ මේ රටේ පාසල් කියලා දෙයක් තියෙන්නෙ? අම්මට හු***ද ළමයි පාසල් යන්නේ? ටියුශන් කඩකාරයා නිසා ළමයි පාස් වෙනවනම් ඇයි මේ රටේ පාසල් සියල්ලම වහල දාලා කඩ විතරක් දාන්නේ නැත්තේ?
                                             මම හිතන විදිහට ටියුශන් කඩ වලට යම් ප්‍රමිතියක් ගෙන එන්න ඕනේ. මේ වගේ පහසුකම් තියෙන්න ඕනේ,උපරිම ළමයි ගණන මෙච්චරක් වෙන්න ඕනේ, උගන්වන පැය ගණන සහ ගුරුවරයාට මේ තරම් සුදුසුකම් සපුරා තියෙන්නේ ඕනේ වගේ ඒවා ඇතුලත්ව. මෙතනදී ගුරුවරයාගේ සුදුසුකම් ඉතාමත් වැදගත්. මම දන්නා තරමින් මහනුවර නගරයේ උසස් පෙළ සිසුන් 75% කට අධික ප්‍රමානයක් සහභාගී වන ජීව විද්‍යා ටියුශන් කඩේ කඩ කාරයා උසස් පෙළවත් හරියට සමත් වී නැහැ (වැරදිනම් නිවැරදි කරන්න). ඒත් ඔහුගේ ඇති ජනප්‍රියතාවය පමනක්ම පදනම් කරගෙන සිසුන් ඔහුගේ කඩයට යයි. ඒ වගේම මගේ මිතුරෙකු පැවසූ ආකාරයට මිතුරා ඔහුගේ පන්තියට සහභාගී වන්නේ ඔහු කියන කුණුහරුප අසා පට්ට ෆන් එකේ සිටීමටය.

                             ඒත් ඔය කඩ කායරන් අස්සේත් ටියුශන් ගුරු උතුමන්ලාත් ඉන්නවා..


                                             සමහර කඩ කාරයෝ ඉපදිලා තියෙන්නේ උගන්වන්නමලු. බම්බුව. උන් එච්චරම හොදට උගන්වනවනම් ඇයි යකෝ උන්ව අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පාසල්වල ගුරුවරු විදිහට බදවාගන්නේ නැත්තේ? ඇයි උන් ටියුශන් කඩ දාගෙන ඉන්නෙ?
ඇත්තටම බැලුවොත් දැන් ළමයි ටියුශන් යන්නේ ‍රැල්ලට මිසක් ඉගෙනගන්න නෙවෙයි.
හොදයි දැන් අර ප්‍රශ්නේ බලමු. කොහොමද මේ ප්‍රථමයන් හැමකෙනෙක්ම එකම ටියුශන් කඩේකින් බිහි වුනේ?
                                               ඇත්තටම ඒ ගුරුවරයාගේ දක්ශතාවය නෙවෙයි. ඒක වෙන්නේ ගුරුවරයාගේ ජනප්‍රියතාවය නිසා. ගුරුවරයාගේ ජනප්‍රියතාවය වැඩිවන තරමට ඔහුගේ කඩේට යන ගාන වැඩි වෙනවා. ඒ කියන්නේ දිස්ත්‍රික්කයේ/දිවයිනේ සිටින දක්ශයන් වැඩි ප්‍රතිශතයක් ඔහුගේ කඩේට පැමිනෙනෙවා. මේ නිසා ඔහුගේ කඩෙන් ප්‍රථමයන් බිහිවීමේ සම්භාවිතාවය අසාමාන්‍යය ලෙස ඉහල යනවා.. ඒක නොතේරෙන අපේ ගොන් ‍රැල තමනුත් දිස්ත්‍රික්කයේ ප්‍රතමයා වෙයි කියලා හිතාගෙන ඒ කඩ කාරයාගේ කඩේට යනවා. ඒක හරියට අර විභාගේ පාස් වෙන්න කියලා දේවාල ගානේ ගිහින් දෙවියන්ට කන්නලව් කරනවා වගේ වැඩක්. මේ තියරිය පාවිච්චි කරලා අපේ සදාදරණීය ටියුශන් කාරායෝ සැමදා වැජඹෙනවා. අපේ ගුරු උතුමන්ලා වල පල්ලට යනවා. වැඩ කරන එකා මොන කඩේට ගියත් ඌ ගොඩ යනවා. ඒත් වඩ නොකරන එවුන් දිවයිනේ ප්‍රථමයාගේ කඩේට නෙවෙයි, ඒ කඩ කාරයාගේ පුක හේදුවත් කෙලවා ගන්නවා.... අබුද්දස්ස කාලේ ලබුත් තිතලු කියන්නේ ඔන්න ඕකට.

අපේ සංස්කෘතිය හා ආදරවන්තයෝ

අද මැටිටිත් එක්ක ඇවිදින්න ගියා... මැට්ටිගේ යාලුවා බුශීගේ තනියට අද කසියාව ඩවුන්ලෝඩ් කරගත්තා. මුන් දෙන්නා දෙන්නට දෙන්න දැක්ක ගමන් හොදටම බය වෙලා පිස්සු විකාරයයි. බුශී පාර පුරා දුවනවා. කසියා ඊට වඩා බය වෙලා.. රතු වෙලා දාඩියත් දාලා... මට මැරෙන්න හිනා. ඒ අස්සේ මැට්ටී අවුල් ගහලා.. පුරුදු විදිහටම මම මැට්ටිගේ ඉන වටේ අතදාගෙන හිටියේ... බුශී මගෙ අනිත් පැත්තෙන් මට ලගින් හිටියා. මිනිස්සු අපි දිහා කන්න වගේ බලනවා. කොල්ලෙක් කෙල්ලෙක්ගේ ඉනවටේ අත දාගෙන යන එක ඔය තරම් හැරි හැරී බලන්න ඕන දෙයක්ද ඇත්තටම? මොකක්ද ඒකේ තියන අරුමේ? ලිඳ අපේ නම්, අපි ලිඳේ නම්, කාටත් ඇයි වේදනා කිව්වලු.
                                           බුශීගේ තනියට කසියා ආවාට වෙනද වගේම බුශී හිටියේ මගෙත් එක්ක. ඒ කසියාව මීට කලින් හම්බෙලා නැති නිසා වෙන්න ඇති. කෙල්ලෝ දෙන්නෙක් එක කොල්ලෙක් එක්ක යන එක මේ මිනිස්සුනට මැජික් වගේ. ඒ ඇයි කියන එක මටනම් තේරෙන්නේ නෑ. විශේෂයෙන්ම බවලත් උදවිය. ඇස් පුපුරු ගහනව ඒ උන්දලැගේ. ඒ ඉරිසියාවටද, තරහටද, නැත්නම් ඒ දෙකටමද? මොන මඟුලකටද යකෝ ඉරිසියා කරන්නේ?  විකාර. 
                                        සමහරුන්ගෙන් මේ ගැන ඇහුවොත් කියයි,"ඒකට තමා පුතා සංස්කෘතිය කියන්නේ, අපි ඒක ‍රැග ගන්න ඕනේ" කියලා. බම්බුව! අපේ එවුන්ට සංස්කෘතිය ගැන ඔච්චරම ඇම්මක් තියනවානම්, ඒක ‍රැක ගන්න මහන්සි වෙනවනම් මොන අල ගෙඩියකටද යකෝ දූපතේ මිනිස්සු මෙච්චර කො‍ටු පනින්නේ? ගෑනු 2-3 බැදගන්නේ? පැනලා යන්නෙ? පාර අයිනේ දූෂනය කරලා දාලා යන්නේ?... දීපල්ලකෝ උත්තර.
                                             මට හිතෙන හැටියටනම් අපේ සංස්කෘතිය කියන්නේ සිංහල කලාවට විතරක්ම නෙවෙයි,  කො‍ටු පැනිලි, පැනලා යාමවල්, දූෂනය කිරීම්, පාරවල් ගානේ බීලා වැටිලා ඉන්න එක වගේ දේවලුත් සිංහල සංස්කෘතියට අයිතියි. ඒකනේ අපේ උන්දැලා මෙච්චර ඒවා ‍රැක ගන්න දත කන්නේ. දැන් කියපියව් අපිට ඒවා පුරුදු කෙරේ ගෙරි සුද්දා කියලා. ඉතින් දෙයියනේ ඇයි උබලට දැන් ඒවා අතාරින්න බැරි? පුලුවන්ද? බෑ නේද? ඒවා තොපේ ජීවිත වලට කොච්චර බද්ද වෙලා තියනවද කියලා දැන් තේරෙනවද? අන්න ඒකටයි සිංහල සංස්කෘතිය කියන්නේ.. අපේ දේ ‍රැකගනිල්ලා.... ඒත් අපිත් අපේ සංස්කෘතියේ විදිහට කෙල්ලගේ ඉන වටේ අතදාලා තුරුල් කරන් ගියොත් ‍තෝපිලට ඩෝං යන හැටි තමා බලන්න වැඩේ... 

I'm not going to change the way I look or the way I feel to conform to anything. I've always been a freak. So I've been a freak all my life and I have to live with that, you know. I'm one of those people.


චමියව අල්ලගන්න

Hire Me

චමියගෙ කඩේ

රිංගපු ගාන

මිතුරු සින්ඩි

lanka blog reader ලංකා බ්ලොග් කියවනය

Popular Post

Followers

chat

- Copyright © 2013 චමියාගේ ලෝකය - The World How Chami Seems It -Metrominimalist- Powered by WHITE CODE - Designed by Champika M -