- Back to Home »
- ආදර කතා , කලාව , ජීවිතය , මගෙ මැට්ටි , මනෝ , රස කතා , රස්තියාදු , විකාර , සොමි සහ ජෝගි , හීන »
- මැට්ටෝ මම ආවා
Posted by : චමියා
Sunday 25 May 2014
මැට්ටෝ මම ආවා...
ඒක ඇහෙනකොටත් මම ඉගිලෙන්න පටන් ගෙන ඉවරයි... සරත් ඍතුවේ රක්ත වර්න අහස යටින් පියාබන්න පටන්ගෙන ඉවරයි... උද්‍යාන බංකුවේ ඉදන් සයර් ගං ඉවුරට මහලොකු දුරක් නැති උනත් ඒ ගත වුන කාලය දැනුනේ මහා බද්‍ර කල්පයක් වගේ...මැට්ටෝ මම ආවා... ඒ වචන තුන ඒ වෙනකොටත් මගේ හදවත ඇතුලේ දෝංකාර දෙන්න පටන් ගෙන ඉවරයි... මොහොතකින් මම හිටියේ සයර් ගං ඉවුර දිගේ වැටුන දේවදාර මං පෙතේ... දේවදාර මං පෙතට සයර් ඉවුර ලස්සනට පේනවා කියලා අහලා තිබුනට ඒ ලස්සන මෙච්චර කාලෙකට දැකලා තිබුනේ නෑ...
දින වකවානු මතක නොතිබුනත් සරත් ඍතුවේ රක්ත වර්න දෙව්දු ඒ වෙලේ හිටියේ අද දවසට එලිය දුන්නා ඇති කියලා හිතාගෙන... ඉවුර සිසාරා ඇස් දිව්වත් හොයපු දේ හම්බුනේ නෑ.. පුදුමයි...
සුවිසල් දේවදාර ගසින් රැකවරනය ලැබූ යුකැලිප්ටස් කොළ වැටුන රත් පැහැති ඉවුරේ රෙබරෝසියා මලින් සෑදූ මෘදු පළස පුරාවට හොයව්වත් හම්බුනේ නෑ... ඒත් එක් නිමේශයක...
සයර් ඉවුරේ මෘදු සුලග ඇගේ අක්මබරු කෙහෙරැල් මත දග කරන්න පටන්ගෙන... අච්චු කන්තොරුවේ වාශ්ප එන්ජිම මෙන් හදවත් මටත් හොරා වැඩ... හෙමින් පලයං....හෙමින් පලයං කියලා හදවත යටිගිරියෙන් කෑ ගහුවත් හදවතට එකඟ නොවීමේ දගකාර සිතුවිල්ලක් ඒ වෙනකොටත් පැන නැගිලා ඉවරයි... රළු පාද වෙළුන යුකැලිප්ටස් කොල සමඟ පැමින් මැදී ඔවුන් සිහින් සරින් හඬ නගන ශබ්දය ඇගේ රමනීය මදහසට තනුවක් එක්කරන්න තනමින් සිටියා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..
.
.
.