Archive for June 2013

අළුත් කලාවක් හොයාගත්තා මං ගොඩයන්නට ඕනෑනම්.....

ඔබටත් රස්සාවක් නැද්ද? හිසට වහලක් නැද්ද? ඔබේ හඩට ඉඩක් නැද්ද? කවුරුත් ඔබව ගනන් ගන්නේ නැද්ද? ඔබව හලලාද? ඔබට ජනප්‍රියවීමට අවශයද? ඔබට රූපවාහිනියේ,අන්තර්ජායලේ ප්‍රසිද්ද වීමට අවශයද? නැතිනම් ජාතික වීරයෙක්? මේ සියල්ලටම විසදුම් අද මානසිකයාගෙන්


අද මා ඔබට ඉහත සියළුම ප්‍රශ්ණ වලට ප්‍රත්‍යක්ශ විසදුමක් ලබාදෙන්න තීරණය කෙරා.. මෙය මාස ගණනක් තිස්සේ පරීක්ෂණ කරල කරලා හොයාගත්තේ,, හරි එහෙනම් වල්පල් වැඩක් නෑ අපි වැඩේට බහිමුකෝ
මේ සදහා පියවර දෙකක් තිබෙනවා.


පළමු පියවර.


අවශ්‍ය ද්‍රව්‍යය.
උස ගසක් (ප්‍රසිද්ධ ස්ථානයක පිහිටි පොල් ගසක් ඉතාමත්ම සුදුසුය) හෝ උස ගොඩනැගිල්ලක් (ප්‍රසිද්ධ ස්ථානයක පිහිටා තිබිය යුතුයි)
ලොකු ලණුවක් (හයිය නැති වුවාට කම් නැත, පෙනුමට ලොකුවට තිබිය යුතුය)
ඉනිමගක්
ජංගම දුරකථනයක්
රජයේ නොවන ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක දුරකථන අංකයක් (ප්‍රවෘත්ති කාව්‍යමය ස්වාභාවයෙන් ඉදිරිපත් කරන නාලිකාවක් ඉතාම සුදුසුය)
හොදින් අඩන්න පුළුවන් අයෙකු (මල් ශාලාවකින් පැයේ ගාස්තු ක්‍රමයට කුළියට ගත හැක)


හොදයි දැන් මෙහෙමයි වැඩේ කරන්න ඕනේ. ඉස්සරෝම සරමකුයි ඉ රුණු කමිසයකුයි ඇදගන්න ඕනේ. නැත්නම් වැඩේ තාත්වික ගතිය නැතිවෙනවා. ඊට පස්සේ කලින් සොයාගත්ත ගස හෝ ගොඩනැගිල්ල වෙත යන්න ඕනේ (මා උදාහරණය සදහා ගස යොදාගන්නම්) හැබැයි උදේන්ම යන්න ඕනේ නැත්නම් වැඩේ දෙල් වෙනවා. 

                    ඊට පස්සේ ජංගම දුරකතනෙත් ඉනේ ගහගෙන, අර ළණුවත් අරගෙන ගහ දිගේ කරටියටම බඩගාන්න ඕනේ. දැන් තමා කේස් එක නේද? ගහට නැගගන්නේ කොහොමද? මේ සදහා උස ඉනිමගක් භාවිත කර හැකියි. ගස් නගින්න බැරිනම් උස ගොඩනැගිල්ලක් සොයාගත යුතුයි. (අඩුම තරමේ වතුර ටැංකියක්වත්). මොන ජිල්මාට් එක හරි දාලා මුදුනටම නැග ගන්න ඕනේ. හැබයි හොර පොල් කඩන්න ආවා කියලා ගුටි කන්න එහෙම උනොත් මමනම් වග කියන්නේ නෑ.  

                                         හරි අපි දැන් ගහ මුදුනේම ඉන්නේ. දැන් ඉතින් බිමට වැටෙන්නේ නැති වෙන්න හොදට පට්ටල වෙලා වාඩි වෙන්න ඕනේ. මොකද හවස් වෙනකල්ම ඉන්න වෙනවා. කෑම බීම ගැන බය වෙන්න එපා බඩගිනි හැදුනොත් කුරුම්බයක් කඩාගන්න පුළුවන්. හැබැයි ඉතින් බිල්ඩිමේ ඉන්න අයටනම් අඩුමගානේ වතුර බෝතලයක්වත් ගෙනියන්න වෙනවා.

                                                  දැන් මූලික වැඩකටයුතු ටික සම්පූර්ණයි. ඊළගට තියෙන්නේ දෘෂ්‍ය ආධාරකයක් සකසා ගන්න එක. මේ සදහා අර ලණුව යොදාගන්න පුළුවන්. දැන් ඒ ලණුව අරන් හොද ලස්සන තොන්ඩුවක් හදාගන්න ඕනේ (තොන්ඩුව වැඩ කෙරේ නැතිවට කමක් නෑ පෙනුමට තිබුනොත් ඇති. ගැට ගහන්න දන්නේ නැත්නම් නගින්න කළින් දන්න කෙනෙකුට කියලා ගැටගහගන්න) ඊට පස්සේ ඒ තොන්ඩුව අරගෙන ගහේ ලස්සනට, පල්ලෙහාට පේන තැනකින් එල්ලලා තොන්ඩුව බෙල්ලට දාගන්න. ඔබ හදිස්සියේවත් වැ‍ටුනොත් මේ මගින් ඔබව බිමට නොවැටී ආරක්ශා වේවි.
                                                  ඊළගට තියෙන්නේ සීන් එකේ වැදගත්ම දේ. ඒ තමා පබ්ලිසිටි. මේ සදහා ඔබේ ජංගම දුරකථනයත් කළින් ‍තෝරාගත් මාධ්‍ය ආයතනයේ දුරකථන අංකයත්, කුළියට අඬන ඩයල් එකත් (කාන්තාවක් වීම ඉතාම සුදුසුය) යොදාගත හැක. මුලින්ම මාධ්‍ය ආයතනයට කතාකරලා, අහවල් තැන තියන අහවල් ගහේ මිනිහෙක් නැගලා ඉන්නවා, මේ ඉල්ලීම් ටික (ඔබේ ඉල්ලීම් ටික මෙතනදී ඉදිරිපත් කරන්න - රස්සාවක්,ගෙයක් වැනි) දුන්නේ නැත්නම් ඔහු ගහේ එල්ලිලා මැරෙනවා කියන්නවා කියන්න. ඊළගට ඒ එක්කම කලින් සෙට් කරගත් අඬන කෙනාව ගෙන්නා ගන්න. අයට ගස මුලට වී අදෝනා දෙමින් අඬන්න් කියලා කලින්ම කියලා තියන්න. අත්දැකීමෙන් කියන්නේ, විනාඩි 5ක් විතර යනකොට 300ක විතර සෙට් එකක් ගහ වටේ වට වෙනවා. විනාඩි 20ක් යන්න කලින් කැමාරා 20-30කුත් වටවෙනවා. 

                                                    දැන් වැඩේ හරි. කොහොමින් කොහොමහරි ඔබ ලගට කැමරාවකුයි මයික් එකකුයි එයි. ඔන්න පුතේ චෑන්ස් එක. ඔබ දැන් සජීවීව ටීවී එකේ රටටම පෙන්නනවා. හුටාර් ගාලා කියන්න තියන ඔක්කෝම කියන්න. මොකද ඉතින් ආයේ කවදා ටීවී එකේ ඉන්න වෙයිද දන්නේ නෑනේ. ඉල්ලීම් ටිකත් ඉල්ලන්න. අනිවාර්යෙන්ම "අනේ අතිගරු ජනාධිපතිතුමෝ මේ පිළිඹදව අවධානය යොමුකරලා මට සහනයක් ලබාදෙන්න" කියලා අනිවා ගැගීම්බරව කියන්න ඕනේ. එතකොට තමා ඒක කස්ටියට වදින්නේ. ඔන්න දැන්නම් වැඩේ ලෙසටම ගොඩ. පැයක් දෙකක් යනකොට ටිකක් ලොකු ලොකු උදවිය එයි. පාර්ලිමේන්තු මැති ඇමතිවරු, එක එක බල සේනා ස්වාමීන් වහන්සේලා එහෙම. ඇවිත් ඔයත් එක්ක ටිකක් කතාබහ කරලා එහෙම ඉල්ලන දේ ලබාදෙන්න අනිවා පොරොන්දු වෙනවා. කිසිම සැකයක් නෑ අත්දැකීමෙන් කියන්නේ. 

                                            දැන් ඉතින් දෙයියනේ කියලා ගහෙන් බැහැලා අර රූපවාහිනී කැමරාව ඉස්සරහා මහ රජාට පින් අනුමෝදන් කිරීමේන් වැඩේ අහවර වෙනවා. ඔන්න ඔහොමයි තොරණේ විස්තරේ..


                                                           හරි ඔය නිශ්පාදන ක්‍රියාවලියේදී මහ රජාට කන්නළව් කරන්න අමතක කෙරොත් එහෙම සමහරවිට අතරමගදී නොසිතූ ප්‍රශ්ණ ඇති වෙනවා.. ඒ තමා කාකි සූට් ගහගත්ත නිළදරුවෝ සීන් එකට එන්ටර් වීම. අන්න එතනදීනම් කිසිම පූර්ව දැනුම් දීමකින් තොරව ඔබව ගහෙන් බස්සනවා සිකුරුයි. ඒ මදිවට මදි නොකියන්න ගුටි පූජාවකුත් හම්බුවේනවා. වැඩේ අල උනා නේද? දැන් මොකෑ කරන්නේ?
බය වෙන්න කාරි නෑ.. එහෙම වුනොත් ප්ලෑන් B එක තියනවා...
 

මොකක්ද දෙවෙනි පියවර නොහොත් ප්ලෑන් B? 

ළගදීම බලාපොරොත්තුවන්න


චමියව අල්ලගන්න

Hire Me

චමියගෙ කඩේ

රිංගපු ගාන

මිතුරු සින්ඩි

lanka blog reader ලංකා බ්ලොග් කියවනය

Popular Post

Followers

chat

- Copyright © 2013 චමියාගේ ලෝකය - The World How Chami Seems It -Metrominimalist- Powered by WHITE CODE - Designed by Champika M -