Showing posts with label මගෙ මැට්ටි. Show all posts
අන්තිමට
අපේ ආදරය, අවසානයේ සැන්දෑවක අප දෙදෙනා අත් පටලන්, සැප හාන්සි පුටු වලට වී එක්ව ආදරයෙන්, නැවත හමුවන්නට, යලිත් ආදරෙන් අලුතෙන්ම පටන්ගන්නට වෙන්වයනු නිසැකයි.
නමුත්,
ආයිමත්.. කිසිත් නොදන්නා ඒ සුන්දර සිනහවකින් , එකිනෙක බැදුනු සිද්දි දාමයකින් අලුතෙන්ම, ආදරයෙන්ම වෙලී එකෙනිකෙ පරයමින් දලුලා නැවතත් සිපගනීවි
ඇදරයෙන්
සදහටම
Tuesday, 18 July 2017
Posted by චමියා
මැට්ටෝ මම ආවා
මැට්ටෝ මම ආවා...
ඒක ඇහෙනකොටත් මම ඉගිලෙන්න පටන් ගෙන ඉවරයි... සරත් ඍතුවේ රක්ත වර්න අහස යටින් පියාබන්න පටන්ගෙන ඉවරයි... උද්‍යාන බංකුවේ ඉදන් සයර් ගං ඉවුරට මහලොකු දුරක් නැති උනත් ඒ ගත වුන කාලය දැනුනේ මහා බද්‍ර කල්පයක් වගේ...මැට්ටෝ මම ආවා... ඒ වචන තුන ඒ වෙනකොටත් මගේ හදවත ඇතුලේ දෝංකාර දෙන්න පටන් ගෙන ඉවරයි... මොහොතකින් මම හිටියේ සයර් ගං ඉවුර දිගේ වැටුන දේවදාර මං පෙතේ... දේවදාර මං පෙතට සයර් ඉවුර ලස්සනට පේනවා කියලා අහලා තිබුනට ඒ ලස්සන මෙච්චර කාලෙකට දැකලා තිබුනේ නෑ...
දින වකවානු මතක නොතිබුනත් සරත් ඍතුවේ රක්ත වර්න දෙව්දු ඒ වෙලේ හිටියේ අද දවසට එලිය දුන්නා ඇති කියලා හිතාගෙන... ඉවුර සිසාරා ඇස් දිව්වත් හොයපු දේ හම්බුනේ නෑ.. පුදුමයි...
සුවිසල් දේවදාර ගසින් රැකවරනය ලැබූ යුකැලිප්ටස් කොළ වැටුන රත් පැහැති ඉවුරේ රෙබරෝසියා මලින් සෑදූ මෘදු පළස පුරාවට හොයව්වත් හම්බුනේ නෑ... ඒත් එක් නිමේශයක...
සයර් ඉවුරේ මෘදු සුලග ඇගේ අක්මබරු කෙහෙරැල් මත දග කරන්න පටන්ගෙන... අච්චු කන්තොරුවේ වාශ්ප එන්ජිම මෙන් හදවත් මටත් හොරා වැඩ... හෙමින් පලයං....හෙමින් පලයං කියලා හදවත යටිගිරියෙන් කෑ ගහුවත් හදවතට එකඟ නොවීමේ දගකාර සිතුවිල්ලක් ඒ වෙනකොටත් පැන නැගිලා ඉවරයි... රළු පාද වෙළුන යුකැලිප්ටස් කොල සමඟ පැමින් මැදී ඔවුන් සිහින් සරින් හඬ නගන ශබ්දය ඇගේ රමනීය මදහසට තනුවක් එක්කරන්න තනමින් සිටියා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..
.
.
.
මොන මඟුලක්ද යකෝ... මැට්ටී මම එනකම් හිටියා මම මැට්ටිව හම්බුනා අපි පෙම්න් වෙළුනා සීනරිය ඉවර උනා... එච්චරයි
-නිමි-
Sunday, 25 May 2014
Posted by චමියා
මගෙ මැට්ටියෝ....
විභාගෙටත් තව මාස දෙකක් විතරයි තියෙන්නේ.. හැමෝම කියන්නේ පාඩම් කරපන් ගොඩදාගන්න උබට පුළුවන් කියලා.. අනේ පල ඩෝ යන්න. උබලනම් කියයි... මේ අවුරුදු දෙකම මම නිකම්ම ගෙවලා දැම්මා කියලා උබලා දන්නේ නැද්ද? ඇත්තටම බැලුවොත් පේපර් එක දැන් මට ගෙනත් දුන්නත් විභාගේ ගොඩදාගන්නවා බොරු. ඒ තරමටම කෙලවිලා ඉන්නේ. මොනවා කරන්නද මන්දා...
මැට්ටි හිතන් ඉන්නේ මම විභාගේ ගොඩදාගෙන, හොද ජොබ් එකක් කරලා එයාව බැදලා සතුටින් ජීවත් වෙයි කියලා.... මට උබ ගැන දුකයි බං මැට්ටියේ. උබේ බලාපොරොත්තු මම ඉටු කරන්නේ කොහොමද මගෙ මැට්ටි?
ඒ ලෙවල්වත් නැති කොල්ලෙකුට උබලගෙ ගෙදරින් උබව දෙයිද? උබ හොදට ඉගෙනගනිං බං. ඒ කරලා කැම්පස් පලයං. ඒ කරලා හොද ජොබ් එකක් කරපං... ඊට පස්සේ උබට මට වඩා හොද, මටත් වඩා උබට ආදරේ කරන, කාටවත් අතපාන්නේ නැතිව උබව ජීවත් කරවන්න පුලුවන් කොල්ලෙක් උබට හම්බවෙයි... එතකං මම් උබෙ ලග උබෙ හැම දේකටම ඉන්නවා... මොකද මං උබට මේ ලෝකේ කිසිම දේකට වඩා ආදරේ කරන නිසා. මගෙ මුලු ජීවිතේම උබ මගෙ මැට්ටියේ... උබේ ඔය ලස්සන මූනේ ඇදෙන හිනාව තමා මගේ ගැම දෙයක්ම... ඒ වෙනුවෙන් මම ඕනෙම දෙයක් කරනවා... ඒත් උබ කවදාහරි දවසක මගේ ලගට ඇවිත් හරියට කන්න බොන්නවත් නැතුව දුක් විදිනවා බලං ඉන්න මට බෑ රත්තරං. මම පපුව පැලිලා මැරෙයි... ඒකයි මම කිව්වේ හොදට ඉගෙනගෙන හොද කොල්ලෙක් හොයාගනින් කියලා... ඊට පස්සේ උබට සතුටින් ජීවත් වෙන්න පුලුවන් මගෙ මැට්ටි.... ආදරේ විතරක් තිබිලා මදි බං ජීවත් වෙන්න... ඒක තේරුම් ගනිං. ජීවත් වෙන්න සල්ලිත් ඕනේ. ඒත් මට උබට දෙන්න පුලුවන් ආදරේ විතරයි මගෙ මැට්ටි..
උබ මට දවසක් කිව්වා නේද උබට ෆැශන් ඩිසයිනර් කෙනෙක් වෙන්න ඕනේ කියලා.. උබ හොදට ඉගෙනගනිං... මම පාරේ හිගාකාලා හරි උබව ෆැශන් ඩිසයිනර් කෙනෙක් කරනවා මගෙ පැටියො... මම මාව විකුනලා හරි ඒ දේ කරනවා.... ඊට පස්සේ?? මට මැවිලා පේනවා උබ ෆැශන් ඩිසයිනර් කෙනෙක් උනාම උබේ ඔය මූනේ ඇදෙන හිනාව. මගේ ජීවිතේ ඉතුරු කාලේ ඒක මතක් කර කර මට ජීවත් වෙන්න පුලුවන් බං. උබ ලස්සන ජීවිතයක් ගතකරපං . මාව සම්පූර්ණෙන්ම අමතක කරලා දාපං... උබේ හදවතේ මගේ ගැන තියන Partition එක Format කරලාම දාපං.... මැට්ටා කියලා එකෙක් හිටියද කියලවත් මතක නැති වෙන්න... මෙ කාළකන්නියාත් එක්ක ඇවිත් උබට වෙන්නේ දුක් විදින්න බං. මම උබට කියාගන්න බැරිතරම් ආදරෙයි. ඒත් ඒ ආදර් උබට කන්න පුලුවන්ද? උබට ඒ ආදරේ අදින්න පුලුවන්ද? උබට ලෙඩක් දුකක් හැදුනම ඒ ආදරෙන් මට ඒක හොද කරන්න පුළුවන්ද? ඇත්තට මූන දියං මැට්ටී.... උබ හොද තැනකට එනකම් මට පුළුවන් ව්දිහට මම උබව බලාගන්නවා... ඊට පස්සේ උබ උබේ සිහින හැම එකක්ම හැබෑ කරගනිං බං... ලස්සන ගෙයක් හදාගනිං.. හොද ලස්සන, උබට ගොඩක් ආදරේ කරන, උබව බලාගන්න පුලුවන් කොල්ලෙක් බැදගනිං... නිවුන් ලමයි දෙන්නෙක් හදාගනිං.... ඒ කරලා හැමදාම උබේ ඔය ලස්සන හිනාව හැමදාම මූනේ තියාගෙන සතුටින් ජීවත් වෙයං...මේ මැට්ටාගේ මුලු ලෝකෙම උබ, මේ මැට්ටා ආදරේ උබට විතරමයි.... ඌ ජීවත් වෙන්නෙත් උබ නිසා.... ඒක හැමදාටම එහෙමමයි.. කවදාවත් වෙනස් වෙන්නේ නෑ....
මම ඔයාට කියාගන්න බැරිතරම් ආදරෙයි මගෙ රත්තරං මැට්ටියෝ....
Being deeply loved by someone gives you strength, while loving someone deeply gives you courage.
-Tao Tzu-
.

