ඇම්ම

ඔය දේශප්‍රේමී ආගම්වාදී සමාජවාදී  අරවාදී මේ වාදී ඇම්ම ඇති ජනතාව වෙත සාදරයෙන් ලියමි..

 .

.

.

.

.

.

.

.

.

 .

.

.

.

.

.

.

.

.

.

 



 

හුකහං

 

Friday, 9 May 2014
Posted by චමියා

නිදහස් තලගොයි

වෙනදා වෙලාවට ටිකක් කලින් ඊයේ නිදා ගත්තේ හෙට නිදහස් උන්ඩුකපුඡ්චේ නේද කියලා හිත හිත. දැන් උබලා අහන්න එපා උබ නිදහ්ස් දිනේට කලින් දවසේ හැමදාම කලින් නිදියනවාද කියලා. නෑ යකෝ පහුවදා උදේම ජීවිතේ පලවෙනි වතාවට පික ක්ලාස් යන්න ඕනේ නිසයි කලින් නිදාගත්තේ....ඕන්න ඔහොම ඇදට පැනලා මගේ පඩංගුවත් පොරවාගෙන ඉන්නකොට ඇගට පොඩි අමුත්තක් දැනුනා.. අසරණ කොළුවගේ හඳ ගැස්මත් ජුන්ඩ ජුන්ඩ වැඩිවේගෙන එනවා එනවා වගේ.. අපායටම ඇදගෙන පල කීවලු. වීස් එක ආයිමත් වැඩිමීගෙන එන හැඩයි. සනිකව ඇදෙන් පැනලා ඉන්හේලර් එක කටට තියලා ඇද්දා ජුස් ගාල. මොන.. තාම එහෙමමයි වැඩේ හරියන්නේම නෑ... කෝමින් කෝමහරි ඊළග පැය බාගේ ඇතුලත් චමියා හිටියේ චමියා මේ ලකඩ බකඩ ලෝකෙට ඩවුන්ලෝඩ් උන තැන. .නෑ නෑ ඉන්ටර්නෙට් කැෆේ එකක නෙවෙයි යකෝ හොස්පිටල් එකේ... අනවස්ස ප්‍රශ්න අහන්නේ නැතිව කට පියාන කියවපියව් මේක.

දැන් කොල්ලව ඔන්න සුපුරුදු පරිදි රෝද ඇදේ තියාන තල්ලු කරන් යනවා... ටියුබ් ලයිට් එකායි..දෙකායි තුනායි හතරායි....ඊටපස්සේ පේන්නේ E.T.U කියලා ගහපු බෝඩ් එක. නුවර ඉස්පිරිතාලේ ට්‍රොලියක උඩුබැලි අතට යන ඕනෙම එකෙකුට පෙනෙන සුපුරුදු දර්ශනේ මටත් පෙනුනා.. ඕන රෝද කරත්තේ ඒම ගිහින පත ලයිට් බොක්ස් එකක් යට නතර උනා.. අනේ කියන්න හෙන සිරියාවන්ත් සුදු මූනක් මගේ මූනට එබුනා..... ඔහොම හි‍ටු. ඔක්කොටම කලින් කොල්ලගේ රෝග විස්තරේ කියලා ඉන්න එපැයි උබලට. කොලුවට වීස් එක හැදුනාම හුස්ම ගැනීමේ අපහසුතාවට අමතරව නහය සම්පූර්නෙන්ම අවහිර වෙන හෙන මාන්දමික තත්වයක් තියනවා.. එතකොට චමියා කටත් ඇරගෙන දිවත් එලියට දාගෙන හති ඇර ඇර තාමා ඉන්නේ...හරි දැන් ආයෙත් කතාවට.. දැන අර සුදු මූන මගෙ දිහා හිනාවෙල බැලුවා.. නෑ යකෝ මම හිනාඋනේ නෑ ආපිට. ඒ වෙලේ මට එලොව පොල් පෙනිලා තිබ්බේ...මම කට ඇරගෙන හැව් හැව් ගගා හුස්ම අදිනවා...

දැන් ඉතින් අර සුඩු දොස්තර අක්කි මගේ කමිසෙත් උස්සලා අර බෙල්ල වටේ ඔතාන ඉන්න ඕෆ්ලෝ බටේ කන් දෙකට ගහගෙන අනිත් කොන මගෙ පපුවට තියලා එක එක විගඩම් කරනවා.. ඒ අස්සේම එතනට හෙන පත අනිත් පැත්ත හරවපු වයින් පීප්පයක් වගේ ඇටෙන්ඩන්ට් ගෑනියෙක් දුවගෙන ආවා... අම්මේ බලන්න එපෑය මේකිගේ ගෑස්... හරියට ඒකි නිකන් ඉස්පිරිතාලේ අධ්‍යක්ශක වගේ.. මේකි මට බනිනවා කටෙන් හුස්ම ගන්න එපා යකෝ නහයෙන් හුස්ම ගනින් කියලා.. මේකි හු යන්නක් කියවනවා... මේ අසරන කොලුවට අන්න එතනදිනම් නහුතෙට තද උනා.. ඇයි යකෝ නහය හිරවෙලා තියන වෙලේ කටින් හුස්ම ගන්නේ නැතුව මම වෙන මොකෙන් හුස්ම ගන්නද?  චමියාගේ ඒ දරුනු අදහස වචන වලට හැරිලා ඉස්පිරිතාලේ පුරා ‍රැව් දෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ... "මෝඩ ගෑනියේ... කටින් හුස්ම ගන්නේ නැතුව උබ මට පුකෙන් හුස්ම ගන්න කියලද කියන්නේ"
ඒ වෝඩ්ස් ටික අප්ලෝඩ් වෙනාවත් එක්කම මුලු යුනිට් එක පුරාම විනාඩියක මරණීය නිහඬතාවක් පැතිර ගියා... ඊ.සී.ජී මැසිමේ බීප් බීප් එක විතරයි..... හැමෝම මගේ දිහා කට ඇරන් ස්ටන් වෙලා බලාන ඉන්නවා...  ඒපාර මොන හුයන්නක්ද යකෝ මේ.. මම මෙහෙ මැරෙන්න පන අදිනවා... මු ටික ගල් වෙලා... යකෝ මට හුස්ම ගන්න බෑ... ඒ නිහඩතාවය විනිවිදමින් චමියගේ මොරදීම පැතිරුනා.... ස්ටන් වෙලා හිටපු එවුන්ට සිහිය ආවේ ඔන්න එතකොට.. අර සිරියාවන්ත දොස්තර අක්කා වහාම ක්‍රියාත්මක වෙන පරිදි කොලුවගේ මූනට ගෑස් මාස්ක් එකක් ගැහුවා.. . නෑ නෑ යකෝ අර ඉස්පිරිතාලෙදි හුස්ම ගන්න දෙන ගැජමටික් එක. ඒ එක්කම මෙයාව ඇඩ්මිට් කරන්න කීවා... කෝමින් කෝම හරි එතන නාඬගම ඉවරවෙන්න විනාඩි 20ක් විතර ගියා.. අර ගැජමැටික් එකත් මගේ මූනේ ගහලා අයෙත් අර කරත්තෙට මාව දාගෙන ගිහින් නැග්ගුවා කියපල්ලකෝ ඇම්බුලන්ස් එකක.. හුටා.. ඇම්බියුලන්ස් එකේ නැග්ගුවා කියන්නේ අනිවා අරන් යන්නේ 31ඒ වාට්‍ටුවට.

31ඒ වාට්‍ටුව කියන්නේ මගේ ගොඩාක් අත්දැකීම් තියන වාට්‍ටුවක්... ඔන්න කොහොමින් කොහොමහරි කොල්ලව වාට්‍ටුවට අරන් ගියා,,,,
ආනේ චමියා........
වාට්‍ටුවට ගිය ගමන් මට ඇහුනේ ඒක... විනාසයි... මොකද ලමයෝ උනේ කියාන නර්ස්ලා දෙන්නෙක් වට උනා.. ආයෙ වැඩි උනා නැන්දියෝ කීවා මම... අනේද කියන්න බෑ ඒ නැන්දිලා දෙන්නා දනි පනි ගාලා මට ඇදක් එහෙම හදලා දුන්නා.. ඒකත් සුපුරුදු ඇද. නර්ස්ලාගේ මේසේ ගාවින්ම තියන ඇද.. ඒ ඇදේ ඉන්නවා කියන්නේ හෙන චූන්ය.. දවස පුරාම T.V බලන්න හැකිය. නර්ස්ලගේ ඇල්ම බැල්ම වැඩිපුර ලැබෙන්නේය. නර්ස්ලා කන්න ගේන ඒවාද ලැබෙන්නේය... හෙනම විනෝදය..නර්ස්ලා දෙන්න එකතුවෙලා මට සැල්බිටමෝල් වේෆර් එක එන ගැජමැටික් එකට හයි කෙරේය. කොල්ලට හිමීට නින්ද ගියේය...
මොකද මෙච්චර එලිය වැටිලත් මගේ එලාම් එක තාම වැදුනේ නැත්තේ.... නිදි පැදුරේ ඉදන්ම මම කල්පනා කොර කොර හිටියා... ගෙඩර T.V එකේ නිදහස් උන්ඩුකපුඡ්චේ යනවා ඇහෙනවා.. ඒ කියන්නේ දැන් 8-9ට විතර ඇති. ම්ම් කූඩාරමත් ගහගෙන එනාවා ඔන්න... මගේ කාමරේට මම නැගිටිනකම් කවුරුත් එන්නේ නැති නිසා හොඳයි.... ඔන්න ඔහේ කූඩාරම තිබුදෙන් කියලා මමත් මනෝපාරක් ගහගෙන හිටියා.. මොනවා නමුත් අමුත්තක් දැනෙනවා.. මම හිමීට එක ඇහැක් ඇරලා බැලුවා.. අලියම ගහපිය කීවලු. මගේ ඇඳේ එහාපැත්තේ තියන අර කුරු‍ටු ගී ලියපු බිත්තිය නෑ කියහල්ලකෝ... කොල්ලා දුන්නක් වගේ ගැස්සිලා නැගිට්ටා.. හුටා.. මම තාම ඉස්පිරිතාලේ නේද?

වම් අත අලවංගුවකින් හාරනව වගේ හෙන මෙව්වා එකක් එනවා දැන්.. අම්මට සිරි.. මට ගහලා තිබුන අර සේලයින් එහෙම දෙන ගෝනි ඉඳිකට්ට ගැලවිලා.. මට දැන් චූ යන්න වගේ.. නැන්දියෝ මේක ගැලවිලෝ.....සුං ගාලා නර්ස් ඇන්ටි හිනාවෙවී දුවගෙන ආවා... අනේ තියන සිරියාව වාට්‍ටුවම එළියයි.. මොකද ලමයො මේ පොඩි එකෙක් වගේ කෑ ගහන්නේ? මේක ගැලවිලානේ.... කෝ මෙහෙ දෙනවා... අපෝ මේ කොල්ලගෙන් තියන වදයක් තාම පොඩි එකෙක් වගේ.... නර්ස් ඇන්ටී මගේ දිහා බල බල අමුතු විදිහට හිනාවෙනවා කියහල්ලකෝ.. මටත් හෙන මාන්දමිකයි ඒක.. මාත් ජුන්ඩක් බැලුවා මේ මොකද කියලා. හුටා මගේ කූඩාරම,, තාම අකුලලා නෑ ඒක.. ඒ මඳිවට මම ඉන්නෙත් නිව්ටල්... විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ...වහාම ක්‍රියාත්මක වෙන පරිදි කොල්ලා සෑහෙන්න ගේමක් දීලා කූඩාරම් පොජ්ජ අකුලා ගත්තා... වෙලාව 8යි.. ඒ කියන්නේ ඩොකී එන වෙලාව දැන්.. යකෝ මම තාම මූනත් තහඩුව හෝදලත් නෑ.. අනේ රෙන පුකට මොන කැටයම්ද කියලා මමත් මූන හෝදන්නේ නැතිව හිටියා.. අයේ ගෙදර හිටියා කියලා මම ඕක හෝදන එකක්යෑ.... අනික ඩොකී එන්නේ මගේ මූන බලන්නයැ මගේ ලෙඩ බලන්නනේ....
ඕන්න සුළු වේලාවකින් ඔබ පුල පුලා බලා සිටි ඒ අමරණීය අවස්ථාව උදා උනා... අඩ සඳවන් නළල් තලයක් ඇති, හංස ජෝඩුවක් වැනි රණ තිසර යුගලකින් සමන්විත ඊටම ඈදූ රියසක වන් පුළුලුකුල...

 හම්මේ....මෙව්වා දකිද්දී හැමදාම ලෙඩ වෙන්න හිතෙනවා බොලව්...ඕන්න ඉතින් අපෙ ඩොකී මෙඩ්ඩෝ මෙඩ්ඩියෝ සපිරිවාගෙන වාට්‍ටු මෙව්වා එකට ඇන්ටර් උනා... කොල්ලත් ඉතින් කට ඇරං නොදැක්කා වගේ හිටියා... ආ චමී... මට ආරංචිය ආවා ආයෙමත් ආවා කියලා මොකද උනේ මල්ලියෝ... ඕන්න ඉතින් අක්කා කොලගෙ හිරි ඔතප් බිඳින්නනේ යන්නේ ඔය.. ඩොක්ටර් භාග්‍යා කියන්නේ මගේ බුදු පිට් එකක්... එක වංගියක් කොල්ලා මෑකරල් ඇට දෙක තලාගෙන ඉස්පිරිතාලේ හිටපු වෙලේ බෙහෙත් කෙරේ මේකී.. ඉතිං හිතාගනිල්ලකෝ පිට් එක කෝම එකක්ද කියලා... වීස් එක වැඩි උනානේ අක්කියෝ.. කොල්ලත් ඉතින් එහෙට මෙහෙට පද්ද පද්දා කීවා... ආගිය තොරතුරු එහෙම දෙන්නා කතාකරලා මාව පොඩ්ඩක් අතපත ගාලා එහෙම ඩොකී ගියා... අනේ නොදකින්.. අර මෙඩ්ඩියෝ එකියක්වත් මගේ ලගට එන්නේ නෑ... වීස් එක බෝවෙන්නේ නෑ යකෝ මෙහෙටත් වරෙව්.. පස්සේ තමා කොල්ලට මීටර් උනේ උන් ටෝක් කරන්නේ හෙන බරපතල ලෙඩ තියන එවුන්ව විතරයි...කෝම කෝම හරි ලෙඩ්ඩු බලන නැකතත් ඉවර උනා.. වාට්‍ටුව ආයෙමත් දැන් සංසුං... 
චමී.. තම කෑවේ නෑ නේද? කන්න කොහෙද පස්සා පැත්තට ඉර එළිය වැටෙනකම් මේකා නිදාගෙනනේ... නර්ස්ලා ඩ්යිටි මාරුවෙන වෙලාව.. හම්මේ අර කෙට්‍ටු නර්ස් අක්ක ඉන්නේ දැන්.. ඒ කියන්නේ කොල්ලා ඉදලා හමාරයි.. මාව බයිට් කරලා කෙලවරක් නෑ... නර්ස් ඇන්ටී ගිහින් කොල්ලට කෑම එකකුත් ගෙනල්ලා දීලා ගියා.. දැන් තියෙන්නේ නර්ස් අක්කිලාගේ වාරේ..  එක්කෙනෙක් ඇඩ්මිට් වෙද්දීම හෙන වීර ක්‍රියාවක් කෙරා කියලා ආරංචියි... මොකක්? හුටා.. අම්ම අර ඇටෙන්ඩන්ට බැනපු එක හොස්පිටිලේ පුරාම වයිරස් එකක් වගේ ගිහින්... අපි ඉතින් කයියක් කොයියක් දාගෙන මහින්ද මාමගේ නිදහස් චූන් එක බල බලා හිටියා.. කඩප්පුලි විදිහට හිතන්න එපා යකෝ කැත සිද්දී මුකුත් උනේ නෑ අපි අතර. අපි හොද ලැජ්ජා බයට හැදුන කොල්ලෝනේ....

ඔන්න ඉතින් ඒ කාලෙත් හෙන විනෝදෙන් ගෙවලා දවල් වරුවේ නහයෙන් අඬල අඬලම ටිකට් කපාගෙන කොල්ලා ගෙදර ඩවුන්ලෝඩ් උනා.. අම්මට සිරි ගෙදර ආපු ගමන්ම ගෙදර එකම කාලගෝට්ට්යයි... පත තලගොයෙක් වත්තට ඇවිලා.. අපේ බලු තඩියෝ දෙන්නගෙන් බේරෙන්න මූ ගහකට නැගලා... බල්ලෝ දෙන්නා ඌව අල්ලන්න ට්‍රයි එක අත්තම්මා බල්ලෝ දෙන්නව අල්ලන්න ට්‍රයි එක.. හොරා පොලිස් වගේ... හෙන පත තලගොයෙක් මචංලා... මේන්න සයිස්... ඌ දැක්ක ගමන්ම කොල්ලට "මස් කිලෝ නම් කීයක්ද" කියලා කිය උනා... හම්මේ ඒක ඇහුන ගමන් අත්තම්මා දුම්මල වරම අතට ගත්තා නොවැ.., පල යන්න පව්කාරයා ‍තෝව අපායටම ඇදගෙන පල... මූව පරසක්වලම ගහන්න ඕනේ පව්කාරයා.. අපරාදේ උබව තව සතියක් විතර ඉස්පිරිතාලේ නතරකරලා තියන්න තිබ්බේ... අත්තම්මා ඉදිරියේ ජයග්‍රාහී ලෙස කාතම වට්ටාගත් චමියා හිමීට තලගොයෙක් වගේ කාමරේට රිංගා ගත්තා....
ප ලි : ඉස්පිරිතාලේ ඉන්න ඇටෙන්ඩට් ගෑනු හිතන් ඉන්නේ උන්ට වඩා දන්න එකෙක් තව නෑ කියලා.. යකෝ ඉස්පිරිතලේ අපේ මිසක් ඇටෙන්ඩන්ට් ගෑනුන්ගේ නෙවෙයි.. අපි දුක් මහන්සියෙන් ගෙවන බදු සල්ලි වලින් තමයි ඉස්පිරිතාල වලින් අපිට නිකන් බෙහෙත් කරන්නේ.. අපේ අයිතිවසිකම් වෙනුවෙන් නැට්ට පුකේ ගහන් ඉන්න එපා යකෝ කර ඇරලා කතා කරපල්ලා

මහින්ද මාමේ..,

මහින්ද මාමේ...

ඔබේ සැප දුක් කෙසේද? අයියලා තුන් දෙනා සුවෙන් සිටිත්ද? මගේ ගැනනම් කතා කරලා වැඩක් නෑ මාමේ.. ලෙඩ ඇඳට වැටිච්ච ගමන්මයි. කාලෙකින් හම්බන්තොට පැත්තෙත් එන්න බැරි උනා මාමේ. ඒ පැත්ත දැන් ගොඩක් දියුනුයිලු නේද මාමේ..
                                               
 
අනේ මෙහෙත් එහෙමයි මාමේ.. පාරවල් හැදෙනවා හි‍ටු කියලා.. කොච්චර හැදෙනවද කියනවනම් මාමේ අපේ තත්තා අපේ ලිමෝසීන් එක විකුනලා 4x4 ජීප් එකක් ගන්න ඉන්නේ මාමේ ඒ පාරවල් වල යන්න... වැස්ස කාලෙට මෙහෙ පාරවල් හරී සෝක් මාමේ... අපෙ ගමේ කොල්ලෝ කුරුට්ටෝ බෝට්‍ටුත් පදිනවා නොවැ ඒවගේ.. මම තාත්තගෙන් ඇහුවාමනම් කීවේ පුතේ ඕවා තමා හයිබ්‍රිඩ් පාරවල් කියන්නේ කියලා.. ආසියාවේ ආයිස්චර්යේ නේද මාමේ... මට ඒ පාරවල් දකිද්දී හිතට දැන්න්නේ හෙන ලොකු ආඩම්බරයක් මාමේ.. අම්මපා...

මාමේ.. මේ දවස්වල බඩු මිලත් වැඩීලු නේද? අනේ හොදා මාමේ.. එතකොට තමා අපේ රට දියුනු වෙනවා කියලා ලෝකෙට පේන්නේ නේද මාමේ...නැත්නම් හැම එකාම මේ හුන්ඩුව වගේ රටට රිංගයි බඩු ගන්න අඩුවට. මාමගේ මොලේ තමා මොලේ.
මාමේ නාමල් අයියා මේ දවස්වල හොදට චක් ගුඩු පනිනවා නේද? මම එදා උඩරට කංඩායමයි නාමල් අයියගේ කංඩායමයි සෙල්ලන් කරන ගුඩු මැච් එක බලන්න ආවා.... අනේ මාමට කියන්න ඒ වගේ තරගයක් දකින්න මේ ඇස් පින් කරලා තිබ්බා මාමේ... නාමල් අයියා අර කැකිරි ගෙඩියත් අරන් ගුඩු ගුඩු ගගා අස්සෙන් වෙට්‍ටු දදා දුවනවා බලන්න දුකේ බෑ... අනේ ඒ වගේ සාදාරණ තරගයක්නම් මම ජීවිතේට දැකලා නෑ මාමේ. නාමල් අයියා යන්න කලින් මට ඇහැකුත්  ගහලා ගියේ.. (මම පස්සේ දන්නේ මාමේ.. මට එහා පැත්තේ හිටපු අලගුඩුවා කීවේ ඒ ඇහැ ගැහුවේ උබට නෙවෙයි ගොං මීමෝ රෙ‍ෆ්‍රීට කියලා )

 මාමට කියන්න මාමේ මාමගේ චින්තනේ හින්දා අපි දැන් හෙන මෙව්වා එකේ ජීවත් වෙනවා... වැඩිය ඕනෙ නෑ මාමේ මාමට මතකද අර අපේ ගෙට පල්ලෙහායින් තිබ්බ බුසල් හයේ කුඹුරු කෑල්ල.. අර පුරන් වෙලා ගිය එක.. ආන්න ඒක මේ දවස්වල අපි ආයෙත් අස්වද්දනවා මමේ.. මාමට පිං සිද්ද වෙන්න අඩු කරපු බදු වලින් අපේ තාත්තත් ලැම්බෝගිනියක් ගත්තනේ මාමේ.. අපි දැන් කුඹුරු හාන්නේ කොල පාගන්නේ ඔක්කොම ඒකෙන් මාමේ.. දවසට ලියැදි 20-30ක් ඒකෙන් කරන්න පුළුවන්.. අම්මනම් කිය කිය ඉන්නේ කැන්දලියද්ද කුඹුර කරන්නත් ෆෙරාරියක් ගත්තානම් හරි කියලා... අනේ වාසනාවන් මාමේ.. මාමට පිංසිද්ද වෙන්න අපි දැන් කාටවත් අත නොපා ජීවත්වෙනවා..

                                                    මාමේ.. හිරුනිකා අක්කයි ගයේශා අක්කයි මේපාර ඡන්දේ ඉල්ලනවලු නේද? අනේ කොච්චර එකක්ද මාමේ. මම ඊයේ හවස ප්ලේන්ටියක් ගහන්න පොඩ්ඩේ සීයගේ කඩේට ගිය වෙලාවේ එතන හිටපු නාකි උන්දැලා වගයක් ගයේෂා අක්කිටයි මාමටයි බැන බැන ඉන්නවා. මට මාර තරහක් ආවේ මාමේ. ඔච්චරකල් මිනිස්සු කෑ ගගහා හිටියා දේසපාලනේ කරන්න තරුන කොල්ලො කෙල්ලොන්ට ඉඩ දෙන්න ඕනේ කියලා.. දැන් තරුන කොල්ලෝ කෙල්ලොන්ට දුන්නාම උන් ඒකටත් බනිනවා.. මාර කුහකයි මාමේ මේ රටේ මිනිස්සු. ඇත්තමයි. ගයේශා අක්කා වගේ තරුණ නායකත්වයක් තමා මාමේ අපිටත් ඕනේ වෙලා තියෙන්නේ.

අනේ මාමේ.. මම මාමට කියන්නමයි කියලා හිටියේ. ලගදී බලන්න අපිට හොද බයිස්කෝප් එකක් ආවේ නෑ මාමේ.. මම හෙනම විස්සෝපයෙන් ඉන්නේ ඒකට. අර හලාල් බයිස්කොප් එකයි රතුපස්වල එකයි මාරෙට නැගලා ගියා මාමේ... රතුපස්වල බලද්දීනම් ඇගේ මවිල් හිටන් කෙලින් වෙනවා මාමේ... ආමි අයියලා ඩිශුම් ඩිශුම් ගගා වෙඩි තියද්දී අපිට මාරම මොරාල් එකක් ආවේ මාමේ.. සිස් අර හාමුදුරුවොත් කියලා වැඩක් නෑ මාමේ.. පොලිස් මාමලාට උඩ පැනලා ඩිසුං ඩිසුං ගාල දෙනවා.. ආයිස් අප්පා බෲස්-ලී පරාදයි.. සිවුර සිං ගාලා හුලගේ යන්නේ මාමේ.. ඒවා දකිද්දී අපි බුද්දාලම්බන මෙව්වා එකෙන් ඔදවෙඩිලා යනවා මාමේ... අනේ සාදු කියවෙනේ නිකන්ම... අපේ ගමේ කොල්ලෝ කුරුට්ටෝ දැන් රෙස්ලින් පීස් බලන්නේ නෑ මාමේ.. උන් දැන් බලනේ බො.බ.සේ පීස්.. ඩිසුං ඩිස්ං කියලා දෙනවා මාමේ බලන්න දුකේ බෑ.. අපි දේසීය නිස්පාදන අගය කරන්න එපැයි නේද මාමේ.
                                                        
මට මාමත් එක්ක එක දේකට මාරම තරහයි මාමේ... ඇයි මාමේ අර වරාය නුවර හැදුවේ නැත්තේ ඔයා? මම මාමට කොච්චර කීවද නුවර වරාය හදමු කියලා... නුවර කියන්නේ ජාත්තියන්තර නැව් පාරවල්වල කෙන්දක්ද මද්‍යස්ථානයක්ද මොකක්ද එකක්ලු නේද? බලන්න මාමේ ඒ වරාය නුවර හැදුවානම් කොච්චර දෙයක්ද නේද? සිරන්ති නැන්නානම් කීවේ මමා ලබන සැරේ ඡන්දෙට නුවරත් වරායක් හදන්න යනවා කියලා.. හොරා වගේ හදලා මාව පුදුම කරන්න නේද ගියේ මගේ මාමා? අනේ අනේ...

මාමේ.. මම එහෙනම් නවතින්නම්.. ගේට්‍ටුව ගාව සුදු පාට වෑන් එකක් ඇවිල්ලා හෝන් ගහනවා මොකද දන්නෑ.. මම ගිහින් බලලා එන්නම් මාමේ...
මාමටයි නැන්දටයි අයියලා තුන් දෙනාටයි සියළු දෙවියන්ගේ ‍රැකවරනයයි ආරක්සාවයි..
මීට ආදරනීය..
-චමියා-

කොළොම්පූර්

මේක කාලයක් තිස්සේ මගේ ඩ්‍රාෆ්ට් බොක්ස් එකේ කැරකි කැරකි තිබ්බ එකක්. බාගෙට ලියපු එකක්.. දානවදෝ නොදානවදෝ කියකිය කල්පනා කර කර හිටියේ...

දෙමව්පියන්ගේ අවධානයට. මෙහි "චූ" යන ඉතා බරපතල ඇසැබි ප්‍රකාශය අඩංගු වී ඇති බැවින් ඔබේ හය හතර නොදත් අහිංසක දරුවා මෙය බැලීමෙන් වලකාගන්න...

මේවා කියලාත් බැරිය.. නොකියාත් බැරිය.. ඔන්න ඔහේ කියලා දාමු.
පහුගිය දොහොක (ජූලි 15 සඳුදා) හුටං පටං රස්තියාදුවක් ගහන්න සෙට් උනා. එදා අපේ ඉක්කෝලේ අපේ සම වයස් බඩගෝස්තර කාරයන්ගේ අන්තිම රගර් මැච් එක. මට ඉතින් පුරුදු පරිදි ඒකේ රූප ගන්න ජොබ් එක තමා ඇමිනිලා තිබුනේ. මැච් එක තිබුනේ රෝයල් එකේ රගර් ග්‍රවුන්ඩ් එකේ. අපේ ගස් හපුටෝ ටික 14 වෙනිදා තමා ගියේ. අක්කාගේ අඳෝවැඩියාව අහන් ඉන්න බැරි උන නිසා තමා මම ඉරිදා නොයා සඳුදා යන්න තීරනය කෙර්. හැබයි ඉතින් කොහොමින් කොහොම හරි ඔය රස්තියාදුවට අක්කත් ඇමිනුනා කියපල්ලකෝ. අහෝ ඛේදයකි ඉරකි තිතකි කිව්වලු.
                                                    පාන්දර 5ට විතර නුවරින් බස් එකකට එල්ලුනා... හම්මේ බඩගින්න... බඩ ඇතුලේ පරමාණු බෝම්බයක් දාලා වගේ. අක්කා උදෙන්ම මට නියෝග කරලා තිබුනේ වරකාපොල ස්ටේසමෙන් (කෝච්චි නෙවෙයි ඈ, බස් ස්ටේසම) බහින්න කියලා. මමත් ඉතින් සුවච කීකරු මල්ලී වගේ සුපුරුදු පරිදි වරකාපොල ටවුම පටන්ගන්න තැනම තියන හෝල්ට් එකෙන් බැස්සා. ඇයි යකෝ අක්කානම් කියයි ස්ටේසමැන් බහින්න කියලා, මමනේ දනේ මගේ බඩගින්න. මම ඔතන බහින්නේ හේතුවක් ඇතුව. මම දන්න තරමින් වරකාපොල ටවුමටම හොදට කන්න පුළුවන් තැනක් තියෙන්නේ ඔතන. දුක තමා රංජනී කියන්නේ මට ඒ කඩේ නම මතක නෑ. කොහොම හරි බස් එකෙන් බැහැලා ටිකක් ඉස්සරහට යනකොට පාරේ අනිත් පැත්තේ තියන කහපාට කඩේ.
                                              මාත් ඉතින් ඒරොප්පෙන් බැහැපු හිගන්නෙක් වගේ කලිසම් කොටයක් අටවගෙන ඉරිච්ච බෑග් එකක් පිටේ එල්ලන්, කැමරා බෑග් එකකුත් එල්ලන් පොල් ගහ බාටා කෑලි දෙකකුත් දාගෙන උදේ පාන්දර 6.30-7.00 විතර ටවුමක් මැද්දේ පැද්දි සරුංගලයක් වගේ යද්දී හිතාගනිල්ලකෝ ඉතින් රඟේ...... පාරේ යන එවුන් කටවල් ඇරං බලන් ඉන්නේ, ඇයි යකෝ උබලා මීට කලින් හිගන්නෙක් දැකලා නැද්ද කියලා හිතාගෙන මමත් අර කඩේ පැත්තට ගෑ‍ටුවා
.
                                             කඩේ එකාව කොටියම කාපිය කීවලු. කඩේ තාම වහලා කියපල්ලකෝ. මේ රෙද්දේ ටවුමේ එක කෑම කඩයක් ඇරලා නෑ තාම. ඕඕඕඕ... ඔහෙ හි‍ටු. ගුබ්බෑයමක් වගේ එකක් තියනවා. ඉබ්බා කට්ට අස්සේ රිංගාගත්තා වගේ මමත් රිංගුවා ඒක අස්සට. මම කාපු ලිස්ට් එක අක්කා කාටවත් කියන්න එපා කිව්වා... ඒක නිසා නොකියා ඉන්නම්කෝ.. වැඩිය නෑ බර්ගර් 3කුයි හොට් ඩෝග් 2කුයි නෙක්ටෝ 2යි. (අක්කාට කිව්වේ බර්ගර් 3ක් විතරයි කියලා) කඩේ එකා කට ඇරගෙන මගෙ දිහා බලාන ඉන්නවා. බය වෙන්න එපා අයියා මගේ ලග සල්ලි තියනවා කියපුවාම මිනිහගේ මූන දෙක උනා. ඔන්න එනවා ඉතින් කෝල් එකක්...
"කොහෙද ඉන්නේ?"
"එනවා එනවා මේ එනවා විනාඩි 2යි"
"බීප්..බීප්...බීප්...."
                                            
   විනාඩි 2යි කිවට එතන ඉදන් ස්ටේසම ගාවට යන්න විනාඩි 10ක් විතර යනවා... කඩේ එකාට සල්ලි ගෙවලා එලියට බහිද්දිම ආකාසේ ඉන්න දෙයියෙක් චූ කරන්න පටන් ගත්තා... ඒ දෙයියටත් බැන බැන ස්ටේසමට මෙව්වා උනා. ඔන්න ඉතින් අක්කා ඒපාර කියපි අද කොබල යන්න බස් නෑ කියලා...
කොල්ලා ඒත් මීක් සද්දයක් නෑ... අක්කා එක එක ඒවා කියනවා මම මීක් නෑ...
ඔන්න එක පාරටම කොල්ලගේ කට ඇරුනා...
"මට චූ බරයි" (බීපු නෙක්ටෝ දෙක වැඩකරනවා)
"ස්ස්ස්ස්ස්ස්.... හපෝ මල්ලි කෑගහන්නේ නැතුව ඉන්නවා මටත් එක්ක ලැජ්ජයි පාරේ මිනිස්සුන්ටත් ඇහෙයි.."
"යකෝ මේක හරි වැඩක්නේ, ඇයි එයාලා චූ කරන්නේ නැද්ද"
"අතන තියන එකට එක්ක යන්නද?"
අක්කා හෙන ඩොටේ තිබ්බ පොදු වැසිකිලියක් පෙන්නුවා... මේ වැස්සේ ඔතන්ට ගාටන්න පුළුවනෑ... චූ බරත් තදටම නැති නිසා මම බෑ කිව්වා..
දැන් ඉතින් අපි ඩබල බස් හොල්ට් එකට වෙලා ඕපා දූප ශෙයා කර කර ඉන්නවා.. දන්නවනේ ඉතින් අක්කලා ගැන. ඕපාදූප මළු..
ඔන්න ඉතින් චූ බර ආයෙ මිස් කෝල් ගහනවා. කෝල් එක ආන්සර් වෙන්න කලින් මම ආයෙමත්
"චූ බරයි"
"කෑ ගහන්නේ නැතිව ඉන්නවා මොට්ටයෝ මිනිස්සුත් බලනවා ලැජ්ජහේ බෑ.. දාලා එන්න කියපුවාම බෑ කිව්වනම් ඉවසගෙන ඉන්නවා" කියපි
"ඇයි හත් දෙයියනේ ඒ මිනිස්සුන්ට චූ බර හැදෙන්නේ නැද්ද" කියලා මම ටිකක් හයියෙන් කිව්වා..
මෙන්න බොලේ එක පාරටම මුලු බස් හෝල්ට් එකේම මිනිස්සු මීට කලින් චූ කරලා තියා චූ බර හැදිච්ච නැති එවුන් ටිකක් වගේ මගේ දිහා බලාගෙන ඉන්නවා......

ඉතිරිය බලධරියා විසින් කපාහරින ලදී... අක්කාගේ බවලත් මෙව්වා එක මත මේක මෙතරින් නතර කිමීරට සිදුවී ඇත...

අළුත් කලාවක් හොයාගත්තා මං ගොඩයන්නට ඕනෑනම්.....

ඔබටත් රස්සාවක් නැද්ද? හිසට වහලක් නැද්ද? ඔබේ හඩට ඉඩක් නැද්ද? කවුරුත් ඔබව ගනන් ගන්නේ නැද්ද? ඔබව හලලාද? ඔබට ජනප්‍රියවීමට අවශයද? ඔබට රූපවාහිනියේ,අන්තර්ජායලේ ප්‍රසිද්ද වීමට අවශයද? නැතිනම් ජාතික වීරයෙක්? මේ සියල්ලටම විසදුම් අද මානසිකයාගෙන්


අද මා ඔබට ඉහත සියළුම ප්‍රශ්ණ වලට ප්‍රත්‍යක්ශ විසදුමක් ලබාදෙන්න තීරණය කෙරා.. මෙය මාස ගණනක් තිස්සේ පරීක්ෂණ කරල කරලා හොයාගත්තේ,, හරි එහෙනම් වල්පල් වැඩක් නෑ අපි වැඩේට බහිමුකෝ
මේ සදහා පියවර දෙකක් තිබෙනවා.


පළමු පියවර.


අවශ්‍ය ද්‍රව්‍යය.
උස ගසක් (ප්‍රසිද්ධ ස්ථානයක පිහිටි පොල් ගසක් ඉතාමත්ම සුදුසුය) හෝ උස ගොඩනැගිල්ලක් (ප්‍රසිද්ධ ස්ථානයක පිහිටා තිබිය යුතුයි)
ලොකු ලණුවක් (හයිය නැති වුවාට කම් නැත, පෙනුමට ලොකුවට තිබිය යුතුය)
ඉනිමගක්
ජංගම දුරකථනයක්
රජයේ නොවන ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක දුරකථන අංකයක් (ප්‍රවෘත්ති කාව්‍යමය ස්වාභාවයෙන් ඉදිරිපත් කරන නාලිකාවක් ඉතාම සුදුසුය)
හොදින් අඩන්න පුළුවන් අයෙකු (මල් ශාලාවකින් පැයේ ගාස්තු ක්‍රමයට කුළියට ගත හැක)


හොදයි දැන් මෙහෙමයි වැඩේ කරන්න ඕනේ. ඉස්සරෝම සරමකුයි ඉ රුණු කමිසයකුයි ඇදගන්න ඕනේ. නැත්නම් වැඩේ තාත්වික ගතිය නැතිවෙනවා. ඊට පස්සේ කලින් සොයාගත්ත ගස හෝ ගොඩනැගිල්ල වෙත යන්න ඕනේ (මා උදාහරණය සදහා ගස යොදාගන්නම්) හැබැයි උදේන්ම යන්න ඕනේ නැත්නම් වැඩේ දෙල් වෙනවා. 

                    ඊට පස්සේ ජංගම දුරකතනෙත් ඉනේ ගහගෙන, අර ළණුවත් අරගෙන ගහ දිගේ කරටියටම බඩගාන්න ඕනේ. දැන් තමා කේස් එක නේද? ගහට නැගගන්නේ කොහොමද? මේ සදහා උස ඉනිමගක් භාවිත කර හැකියි. ගස් නගින්න බැරිනම් උස ගොඩනැගිල්ලක් සොයාගත යුතුයි. (අඩුම තරමේ වතුර ටැංකියක්වත්). මොන ජිල්මාට් එක හරි දාලා මුදුනටම නැග ගන්න ඕනේ. හැබයි හොර පොල් කඩන්න ආවා කියලා ගුටි කන්න එහෙම උනොත් මමනම් වග කියන්නේ නෑ.  

                                         හරි අපි දැන් ගහ මුදුනේම ඉන්නේ. දැන් ඉතින් බිමට වැටෙන්නේ නැති වෙන්න හොදට පට්ටල වෙලා වාඩි වෙන්න ඕනේ. මොකද හවස් වෙනකල්ම ඉන්න වෙනවා. කෑම බීම ගැන බය වෙන්න එපා බඩගිනි හැදුනොත් කුරුම්බයක් කඩාගන්න පුළුවන්. හැබැයි ඉතින් බිල්ඩිමේ ඉන්න අයටනම් අඩුමගානේ වතුර බෝතලයක්වත් ගෙනියන්න වෙනවා.

                                                  දැන් මූලික වැඩකටයුතු ටික සම්පූර්ණයි. ඊළගට තියෙන්නේ දෘෂ්‍ය ආධාරකයක් සකසා ගන්න එක. මේ සදහා අර ලණුව යොදාගන්න පුළුවන්. දැන් ඒ ලණුව අරන් හොද ලස්සන තොන්ඩුවක් හදාගන්න ඕනේ (තොන්ඩුව වැඩ කෙරේ නැතිවට කමක් නෑ පෙනුමට තිබුනොත් ඇති. ගැට ගහන්න දන්නේ නැත්නම් නගින්න කළින් දන්න කෙනෙකුට කියලා ගැටගහගන්න) ඊට පස්සේ ඒ තොන්ඩුව අරගෙන ගහේ ලස්සනට, පල්ලෙහාට පේන තැනකින් එල්ලලා තොන්ඩුව බෙල්ලට දාගන්න. ඔබ හදිස්සියේවත් වැ‍ටුනොත් මේ මගින් ඔබව බිමට නොවැටී ආරක්ශා වේවි.
                                                  ඊළගට තියෙන්නේ සීන් එකේ වැදගත්ම දේ. ඒ තමා පබ්ලිසිටි. මේ සදහා ඔබේ ජංගම දුරකථනයත් කළින් ‍තෝරාගත් මාධ්‍ය ආයතනයේ දුරකථන අංකයත්, කුළියට අඬන ඩයල් එකත් (කාන්තාවක් වීම ඉතාම සුදුසුය) යොදාගත හැක. මුලින්ම මාධ්‍ය ආයතනයට කතාකරලා, අහවල් තැන තියන අහවල් ගහේ මිනිහෙක් නැගලා ඉන්නවා, මේ ඉල්ලීම් ටික (ඔබේ ඉල්ලීම් ටික මෙතනදී ඉදිරිපත් කරන්න - රස්සාවක්,ගෙයක් වැනි) දුන්නේ නැත්නම් ඔහු ගහේ එල්ලිලා මැරෙනවා කියන්නවා කියන්න. ඊළගට ඒ එක්කම කලින් සෙට් කරගත් අඬන කෙනාව ගෙන්නා ගන්න. අයට ගස මුලට වී අදෝනා දෙමින් අඬන්න් කියලා කලින්ම කියලා තියන්න. අත්දැකීමෙන් කියන්නේ, විනාඩි 5ක් විතර යනකොට 300ක විතර සෙට් එකක් ගහ වටේ වට වෙනවා. විනාඩි 20ක් යන්න කලින් කැමාරා 20-30කුත් වටවෙනවා. 

                                                    දැන් වැඩේ හරි. කොහොමින් කොහොමහරි ඔබ ලගට කැමරාවකුයි මයික් එකකුයි එයි. ඔන්න පුතේ චෑන්ස් එක. ඔබ දැන් සජීවීව ටීවී එකේ රටටම පෙන්නනවා. හුටාර් ගාලා කියන්න තියන ඔක්කෝම කියන්න. මොකද ඉතින් ආයේ කවදා ටීවී එකේ ඉන්න වෙයිද දන්නේ නෑනේ. ඉල්ලීම් ටිකත් ඉල්ලන්න. අනිවාර්යෙන්ම "අනේ අතිගරු ජනාධිපතිතුමෝ මේ පිළිඹදව අවධානය යොමුකරලා මට සහනයක් ලබාදෙන්න" කියලා අනිවා ගැගීම්බරව කියන්න ඕනේ. එතකොට තමා ඒක කස්ටියට වදින්නේ. ඔන්න දැන්නම් වැඩේ ලෙසටම ගොඩ. පැයක් දෙකක් යනකොට ටිකක් ලොකු ලොකු උදවිය එයි. පාර්ලිමේන්තු මැති ඇමතිවරු, එක එක බල සේනා ස්වාමීන් වහන්සේලා එහෙම. ඇවිත් ඔයත් එක්ක ටිකක් කතාබහ කරලා එහෙම ඉල්ලන දේ ලබාදෙන්න අනිවා පොරොන්දු වෙනවා. කිසිම සැකයක් නෑ අත්දැකීමෙන් කියන්නේ. 

                                            දැන් ඉතින් දෙයියනේ කියලා ගහෙන් බැහැලා අර රූපවාහිනී කැමරාව ඉස්සරහා මහ රජාට පින් අනුමෝදන් කිරීමේන් වැඩේ අහවර වෙනවා. ඔන්න ඔහොමයි තොරණේ විස්තරේ..


                                                           හරි ඔය නිශ්පාදන ක්‍රියාවලියේදී මහ රජාට කන්නළව් කරන්න අමතක කෙරොත් එහෙම සමහරවිට අතරමගදී නොසිතූ ප්‍රශ්ණ ඇති වෙනවා.. ඒ තමා කාකි සූට් ගහගත්ත නිළදරුවෝ සීන් එකට එන්ටර් වීම. අන්න එතනදීනම් කිසිම පූර්ව දැනුම් දීමකින් තොරව ඔබව ගහෙන් බස්සනවා සිකුරුයි. ඒ මදිවට මදි නොකියන්න ගුටි පූජාවකුත් හම්බුවේනවා. වැඩේ අල උනා නේද? දැන් මොකෑ කරන්නේ?
බය වෙන්න කාරි නෑ.. එහෙම වුනොත් ප්ලෑන් B එක තියනවා...
 

මොකක්ද දෙවෙනි පියවර නොහොත් ප්ලෑන් B? 

ළගදීම බලාපොරොත්තුවන්න


බල්ලා (KiloByte)

අළුතෙන් ගෙනා බල්ලානම් පුදුමාකාර  බල්ලෙකි.(රූපයේ සිටින එකාය) එක්කෝ ඌ නිදාගත යුතුය. නැතිනම් අපට නිදාගැනීමට දිය යුතුය. පෙලපත උසස් වුවත් මූ කළුවරට බයය. කළුවරේ තිබූ ගමන් යටිගිරියෙන් කෑ ගසන්නේය. මොන උප්පරවැට්ටිය දමා හෝ ගෙට රිංගන්නේය. මේ දිනවල අප නිවසේ අපූරු දර්ශනයක් දැකගත හැක. ඒ අත්තම්මා කෝ‍ටුවක් කඩාගෙන දවස පුරා බල්ලා පසුපස එලවීමය... ඉස්සරනම් එලෙව්වේ මා පසුපසය. 

                                         මේ බල්ලා ඉපදී ඇත්තේ කෑමට පමනක් බව මට වැටහේ. ඌ කොපමන බඩජාරියෙක්ද කිවහොත් අසේලයා උගේ දුරබනුව ගලවා සුකුරුත්තම් කර කර සිටින අවස්තාවේ මේ බල්ලා පැමිණ අසේලයාගේ දුරබනුවේ ඩිස්ප්ලේ එක ගෙඩිය පිටින් ගිල දැම්මේය. දැන් අසේලයාට ෆෝන් එකක් නැත. බල්ලාට කන්න නැත. ඒ සිද්දියෙන් පසුව අසේලයාට බල්ලාව පෙන්න්නන්නට බැරිය.කොටින්ම කිවහොත් මූ ඌට හමුවන ඕනෑම දෙයක් ගිල දමන්නේය. චුවින්ගම්,ගල්,වීදුරු ක‍ටු කිසිම අපහසුවකින් තොරව ගිලින්නේය. අපේ ගුරා කිවූ පරිදි මූ අනිවා ගිය ආත්මයේ L.T.T.E කාරයෙක්ය.

                                                                 මූ බල්ලෙක් නොව ගේ ගෙම්බෙකි. මුගේ වැඩේම ගෙට රිංගීමය. උට එයින් තොර ලොවක් නැත. අපිට නිදාගන්නද නැත.ඌ මගේ ඇදේ නිදාගැනීමට පුදුමාකාර ආශාවක් දක්වන්නේය. මේ හේතුව නිසාම අසේලයා දැන් සුදු සීයාගේ ඇදේ නිදාගනී... සුදු සීයාද පට්ට චරිතයකි... ඔහු ගැන වෙනම පෝස්‍ටුවකින් කතා කරන්නෙමි. මේ බල්ලාට නම තබන්නට තිබුනේ කිලෝ බයිට් කියා නොව වෙන මොකක් හරි රෙද්දකි. මූ නමටත් අපහාසයක්ය. කෙසේ හෝ අවසානයේදී මූ දැන් මගේ ඇදේ අසේලයාගේ කමිසයක් මත නිදිය. ඒ බව නොදත් අසේලයා එහා කාමරේ නිදිය....... මේ විගඩම් බලාසිටි මමත් දැන් නිදිය.

Tuesday, 28 May 2013
Posted by චමියා

මගෙ මැට්ටියෝ....

විභාගෙටත් තව මාස දෙකක් විතරයි තියෙන්නේ.. හැමෝම කියන්නේ පාඩම් කරපන් ගොඩදාගන්න උබට පුළුවන් කියලා.. අනේ පල ඩෝ යන්න. උබලනම් කියයි... මේ අවුරුදු දෙකම මම නිකම්ම ගෙවලා දැම්මා කියලා උබලා දන්නේ නැද්ද? ඇත්තටම බැලුවොත් පේපර් එක දැන් මට ගෙනත් දුන්නත් විභාගේ ගොඩදාගන්නවා බොරු. ඒ තරමටම කෙලවිලා ඉන්නේ. මොනවා කරන්නද මන්දා... 
                                                    මැට්ටි හිතන් ඉන්නේ මම විභාගේ ගොඩදාගෙන, හොද ජොබ් එකක් කරලා එයාව බැදලා සතුටින් ජීවත් වෙයි කියලා.... මට උබ ගැන දුකයි බං මැට්ටියේ. උබේ බලාපොරොත්තු මම ඉ‍ටු කරන්නේ කොහොමද මගෙ මැට්ටි? 
                                                   ඒ ලෙවල්වත් නැති කොල්ලෙකුට උබලගෙ ගෙදරින් උබව දෙයිද? උබ හොදට ඉගෙනගනිං බං. ඒ කරලා කැම්පස් පලයං. ඒ කරලා හොද ජොබ් එකක් කරපං... ඊට පස්සේ උබට මට වඩා හොද, මටත් වඩා උබට ආදරේ කරන, කාටවත් අතපාන්නේ නැතිව උබව ජීවත් කරවන්න පුලුවන් කොල්ලෙක් උබට හම්බවෙයි... එතකං මම් උබෙ ලග උබෙ හැම දේකටම ඉන්නවා... මොකද මං උබට මේ ලෝකේ කිසිම දේකට වඩා ආදරේ කරන නිසා. මගෙ මුලු ජීවිතේම උබ මගෙ මැට්ටියේ... උබේ ඔය ලස්සන මූනේ ඇදෙන හිනාව තමා මගේ ගැම දෙයක්ම... ඒ වෙනුවෙන් මම ඕනෙම දෙයක් කරනවා... ඒත් උබ කවදාහරි දවසක මගේ ලගට ඇවිත් හරියට කන්න බොන්නවත් නැතුව දුක් විදිනවා බලං ඉන්න මට බෑ රත්තරං. මම පපුව පැලිලා මැරෙයි... ඒකයි මම කිව්වේ හොදට ඉගෙනගෙන හොද කොල්ලෙක් හොයාගනින් කියලා... ඊට පස්සේ උබට සතුටින් ජීවත් වෙන්න පුලුවන් මගෙ මැට්ටි.... ආදරේ විතරක් තිබිලා මදි බං ජීවත් වෙන්න... ඒක තේරුම් ගනිං. ජීවත් වෙන්න සල්ලිත් ඕනේ. ඒත් මට උබට දෙන්න පුලුවන් ආදරේ විතරයි මගෙ මැට්ටි.. 
                     උබ මට දවසක් කිව්වා නේද උබට ෆැශන් ඩිසයිනර්  කෙනෙක් වෙන්න ඕනේ කියලා.. උබ හොදට ඉගෙනගනිං... මම පාරේ හිගාකාලා හරි උබව ෆැශන් ඩිසයිනර්  කෙනෙක් කරනවා මගෙ පැටියො... මම මාව විකුනලා හරි ඒ දේ කරනවා.... ඊට පස්සේ?? මට මැවිලා පේනවා උබ ෆැශන් ඩිසයිනර්  කෙනෙක් උනාම උබේ ඔය මූනේ ඇදෙන හිනාව. මගේ ජීවිතේ ඉතුරු කාලේ ඒක මතක් කර කර මට ජීවත් වෙන්න පුලුවන් බං.  උබ ලස්සන ජීවිතයක් ගතකරපං . මාව සම්පූර්ණෙන්ම අමතක කරලා දාපං... උබේ හදවතේ මගේ ගැන තියන Partition එක Format කරලාම දාපං.... මැට්ටා කියලා එකෙක් හිටියද කියලවත් මතක නැති වෙන්න...  මෙ කාළකන්නියාත් එක්ක ඇවිත් උබට වෙන්නේ දුක් විදින්න බං. මම උබට කියාගන්න බැරිතරම් ආදරෙයි. ඒත් ඒ ආදර් උබට කන්න පුලුවන්ද? උබට ඒ ආදරේ අදින්න පුලුවන්ද? උබට ලෙඩක් දුකක් හැදුනම ඒ ආදරෙන් මට ඒක හොද කරන්න පුළුවන්ද? ඇත්තට මූන දියං මැට්ටී.... උබ හොද තැනකට එනකම් මට පුළුවන් ව්දිහට මම උබව බලාගන්නවා... ඊට පස්සේ උබ උබේ සිහින හැම එකක්ම හැබෑ කරගනිං බං... ලස්සන ගෙයක් හදාගනිං.. හොද ලස්සන, උබට ගොඩක් ආදරේ කරන, උබව බලාගන්න පුලුවන් කොල්ලෙක් බැදගනිං... නිවුන් ලමයි දෙන්නෙක් හදාගනිං.... ඒ කරලා හැමදාම උබේ ඔය ලස්සන හිනාව හැමදාම මූනේ තියාගෙන සතුටින් ජීවත් වෙයං...
ඒත්........
මේ මැට්ටාගේ මුලු ලෝකෙම උබ, මේ මැට්ටා ආදරේ උබට විතරමයි.... ඌ ජීවත් වෙන්නෙත් උබ නිසා.... ඒක හැමදාටම එහෙමමයි.. කවදාවත් වෙනස් වෙන්නේ නෑ....
මම ඔයාට කියාගන්න බැරිතරම් ආදරෙයි මගෙ රත්තරං මැට්ටියෝ....

Being deeply loved by someone gives you strength, while loving someone deeply gives you courage.
-Tao Tzu-

.

දිවයිනේ ප්‍රථමයන් හා ටියුශන් කඩකාරයෝ

මේ දිනවලදී අනත්තවත් දකින්න තියන දෙයක් තමා උසස් පෙළ උපකාරක පන්ති සදහා කෙරෙන වෙළඳ දැන්වීම්,පෝස්ටර් සහ අත් පත්‍රිකා. ඒ හැම එකක්ම වගේ පටන්ගන්නේ "දිවයිනේ ප්‍රථමයින් මෙච්චරක් බිහි කල" දිස්ත්‍රික්කයේ මෙච්චරක් බිහිකල" වගේ වැකි. සමහර වෙලාවට ඒ පේන්නේ ළමයින්ව බිහි කරලා තියෙන්නේ අම්මලා තාත්තලා නෙවෙයි ටියුශන් කඩ කාරයෝ වගේ

හොදයි මේ කියන බිහිකිරීම කොතරම් දුරකට සත්‍යද?

                                             මේ ප්‍රථමයන් හැමකෙනෙක්ම එකම ටියුශන් කඩේකින් බිහි වුනේ කොහොමද කියන ප්‍රශ්නේ මම ඇහුවොත්? හැමෝම වගේ කියයි ඒ ගුරුවරුන්ගේ තියන දක්ශතාවය නිසා කියලා. හ්ම්... අපි දැනට එහෙම හිතමුකෝ. එතකොට ඒ ළමයි පාසල් ගියේ නැද්ද? ඒ ළමයින්ට පාසලේ ඉගැන්වූයේ නැද්ද? ඒ ළමයි දිවයිනේ/දිස්ත්‍රික්කයේ පලමු ස්ථාන වලට ආවේ ටියුශන් කඩේ කඩ කාරයා නිසාද?
එහෙනම් මොන හු**කටද යකෝ මේ රටේ පාසල් කියලා දෙයක් තියෙන්නෙ? අම්මට හු***ද ළමයි පාසල් යන්නේ? ටියුශන් කඩකාරයා නිසා ළමයි පාස් වෙනවනම් ඇයි මේ රටේ පාසල් සියල්ලම වහල දාලා කඩ විතරක් දාන්නේ නැත්තේ?
                                             මම හිතන විදිහට ටියුශන් කඩ වලට යම් ප්‍රමිතියක් ගෙන එන්න ඕනේ. මේ වගේ පහසුකම් තියෙන්න ඕනේ,උපරිම ළමයි ගණන මෙච්චරක් වෙන්න ඕනේ, උගන්වන පැය ගණන සහ ගුරුවරයාට මේ තරම් සුදුසුකම් සපුරා තියෙන්නේ ඕනේ වගේ ඒවා ඇතුලත්ව. මෙතනදී ගුරුවරයාගේ සුදුසුකම් ඉතාමත් වැදගත්. මම දන්නා තරමින් මහනුවර නගරයේ උසස් පෙළ සිසුන් 75% කට අධික ප්‍රමානයක් සහභාගී වන ජීව විද්‍යා ටියුශන් කඩේ කඩ කාරයා උසස් පෙළවත් හරියට සමත් වී නැහැ (වැරදිනම් නිවැරදි කරන්න). ඒත් ඔහුගේ ඇති ජනප්‍රියතාවය පමනක්ම පදනම් කරගෙන සිසුන් ඔහුගේ කඩයට යයි. ඒ වගේම මගේ මිතුරෙකු පැවසූ ආකාරයට මිතුරා ඔහුගේ පන්තියට සහභාගී වන්නේ ඔහු කියන කුණුහරුප අසා පට්ට ෆන් එකේ සිටීමටය.

                             ඒත් ඔය කඩ කායරන් අස්සේත් ටියුශන් ගුරු උතුමන්ලාත් ඉන්නවා..


                                             සමහර කඩ කාරයෝ ඉපදිලා තියෙන්නේ උගන්වන්නමලු. බම්බුව. උන් එච්චරම හොදට උගන්වනවනම් ඇයි යකෝ උන්ව අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පාසල්වල ගුරුවරු විදිහට බදවාගන්නේ නැත්තේ? ඇයි උන් ටියුශන් කඩ දාගෙන ඉන්නෙ?
ඇත්තටම බැලුවොත් දැන් ළමයි ටියුශන් යන්නේ ‍රැල්ලට මිසක් ඉගෙනගන්න නෙවෙයි.
හොදයි දැන් අර ප්‍රශ්නේ බලමු. කොහොමද මේ ප්‍රථමයන් හැමකෙනෙක්ම එකම ටියුශන් කඩේකින් බිහි වුනේ?
                                               ඇත්තටම ඒ ගුරුවරයාගේ දක්ශතාවය නෙවෙයි. ඒක වෙන්නේ ගුරුවරයාගේ ජනප්‍රියතාවය නිසා. ගුරුවරයාගේ ජනප්‍රියතාවය වැඩිවන තරමට ඔහුගේ කඩේට යන ගාන වැඩි වෙනවා. ඒ කියන්නේ දිස්ත්‍රික්කයේ/දිවයිනේ සිටින දක්ශයන් වැඩි ප්‍රතිශතයක් ඔහුගේ කඩේට පැමිනෙනෙවා. මේ නිසා ඔහුගේ කඩෙන් ප්‍රථමයන් බිහිවීමේ සම්භාවිතාවය අසාමාන්‍යය ලෙස ඉහල යනවා.. ඒක නොතේරෙන අපේ ගොන් ‍රැල තමනුත් දිස්ත්‍රික්කයේ ප්‍රතමයා වෙයි කියලා හිතාගෙන ඒ කඩ කාරයාගේ කඩේට යනවා. ඒක හරියට අර විභාගේ පාස් වෙන්න කියලා දේවාල ගානේ ගිහින් දෙවියන්ට කන්නලව් කරනවා වගේ වැඩක්. මේ තියරිය පාවිච්චි කරලා අපේ සදාදරණීය ටියුශන් කාරායෝ සැමදා වැජඹෙනවා. අපේ ගුරු උතුමන්ලා වල පල්ලට යනවා. වැඩ කරන එකා මොන කඩේට ගියත් ඌ ගොඩ යනවා. ඒත් වඩ නොකරන එවුන් දිවයිනේ ප්‍රථමයාගේ කඩේට නෙවෙයි, ඒ කඩ කාරයාගේ පුක හේදුවත් කෙලවා ගන්නවා.... අබුද්දස්ස කාලේ ලබුත් තිතලු කියන්නේ ඔන්න ඕකට.

අපේ සංස්කෘතිය හා ආදරවන්තයෝ

අද මැටිටිත් එක්ක ඇවිදින්න ගියා... මැට්ටිගේ යාලුවා බුශීගේ තනියට අද කසියාව ඩවුන්ලෝඩ් කරගත්තා. මුන් දෙන්නා දෙන්නට දෙන්න දැක්ක ගමන් හොදටම බය වෙලා පිස්සු විකාරයයි. බුශී පාර පුරා දුවනවා. කසියා ඊට වඩා බය වෙලා.. රතු වෙලා දාඩියත් දාලා... මට මැරෙන්න හිනා. ඒ අස්සේ මැට්ටී අවුල් ගහලා.. පුරුදු විදිහටම මම මැට්ටිගේ ඉන වටේ අතදාගෙන හිටියේ... බුශී මගෙ අනිත් පැත්තෙන් මට ලගින් හිටියා. මිනිස්සු අපි දිහා කන්න වගේ බලනවා. කොල්ලෙක් කෙල්ලෙක්ගේ ඉනවටේ අත දාගෙන යන එක ඔය තරම් හැරි හැරී බලන්න ඕන දෙයක්ද ඇත්තටම? මොකක්ද ඒකේ තියන අරුමේ? ලිඳ අපේ නම්, අපි ලිඳේ නම්, කාටත් ඇයි වේදනා කිව්වලු.
                                           බුශීගේ තනියට කසියා ආවාට වෙනද වගේම බුශී හිටියේ මගෙත් එක්ක. ඒ කසියාව මීට කලින් හම්බෙලා නැති නිසා වෙන්න ඇති. කෙල්ලෝ දෙන්නෙක් එක කොල්ලෙක් එක්ක යන එක මේ මිනිස්සුනට මැජික් වගේ. ඒ ඇයි කියන එක මටනම් තේරෙන්නේ නෑ. විශේෂයෙන්ම බවලත් උදවිය. ඇස් පුපුරු ගහනව ඒ උන්දලැගේ. ඒ ඉරිසියාවටද, තරහටද, නැත්නම් ඒ දෙකටමද? මොන මඟුලකටද යකෝ ඉරිසියා කරන්නේ?  විකාර. 
                                        සමහරුන්ගෙන් මේ ගැන ඇහුවොත් කියයි,"ඒකට තමා පුතා සංස්කෘතිය කියන්නේ, අපි ඒක ‍රැග ගන්න ඕනේ" කියලා. බම්බුව! අපේ එවුන්ට සංස්කෘතිය ගැන ඔච්චරම ඇම්මක් තියනවානම්, ඒක ‍රැක ගන්න මහන්සි වෙනවනම් මොන අල ගෙඩියකටද යකෝ දූපතේ මිනිස්සු මෙච්චර කො‍ටු පනින්නේ? ගෑනු 2-3 බැදගන්නේ? පැනලා යන්නෙ? පාර අයිනේ දූෂනය කරලා දාලා යන්නේ?... දීපල්ලකෝ උත්තර.
                                             මට හිතෙන හැටියටනම් අපේ සංස්කෘතිය කියන්නේ සිංහල කලාවට විතරක්ම නෙවෙයි,  කො‍ටු පැනිලි, පැනලා යාමවල්, දූෂනය කිරීම්, පාරවල් ගානේ බීලා වැටිලා ඉන්න එක වගේ දේවලුත් සිංහල සංස්කෘතියට අයිතියි. ඒකනේ අපේ උන්දැලා මෙච්චර ඒවා ‍රැක ගන්න දත කන්නේ. දැන් කියපියව් අපිට ඒවා පුරුදු කෙරේ ගෙරි සුද්දා කියලා. ඉතින් දෙයියනේ ඇයි උබලට දැන් ඒවා අතාරින්න බැරි? පුලුවන්ද? බෑ නේද? ඒවා තොපේ ජීවිත වලට කොච්චර බද්ද වෙලා තියනවද කියලා දැන් තේරෙනවද? අන්න ඒකටයි සිංහල සංස්කෘතිය කියන්නේ.. අපේ දේ ‍රැකගනිල්ලා.... ඒත් අපිත් අපේ සංස්කෘතියේ විදිහට කෙල්ලගේ ඉන වටේ අතදාලා තුරුල් කරන් ගියොත් ‍තෝපිලට ඩෝං යන හැටි තමා බලන්න වැඩේ... 

I'm not going to change the way I look or the way I feel to conform to anything. I've always been a freak. So I've been a freak all my life and I have to live with that, you know. I'm one of those people.


චමියව අල්ලගන්න

Hire Me

චමියගෙ කඩේ

රිංගපු ගාන

මිතුරු සින්ඩි

lanka blog reader ලංකා බ්ලොග් කියවනය

Popular Post

Followers

chat

- Copyright © 2013 චමියාගේ ලෝකය - The World How Chami Seems It -Metrominimalist- Powered by WHITE CODE - Designed by Champika M -