- Back to Home »
- ජීවිතය , රස කතා , රස්තියාදු , විකාර , විභාගය , සමාජ විවරණ , සොමි සහ ජෝගි »
- කොළොම්පූර්
Posted by : චමියා
Thursday, 23 January 2014
මේක කාලයක් තිස්සේ මගේ ඩ්‍රාෆ්ට් බොක්ස් එකේ කැරකි කැරකි තිබ්බ එකක්. බාගෙට ලියපු එකක්.. දානවදෝ නොදානවදෝ කියකිය කල්පනා කර කර හිටියේ...
දෙමව්පියන්ගේ අවධානයට. මෙහි "චූ" යන ඉතා බරපතල ඇසැබි ප්‍රකාශය අඩංගු වී ඇති බැවින් ඔබේ හය හතර නොදත් අහිංසක දරුවා මෙය බැලීමෙන් වලකාගන්න...මේවා කියලාත් බැරිය.. නොකියාත් බැරිය.. ඔන්න ඔහේ කියලා දාමු.
පහුගිය දොහොක (ජූලි 15 සඳුදා) හුටං පටං රස්තියාදුවක් ගහන්න සෙට් උනා. එදා අපේ ඉක්කෝලේ අපේ සම වයස් බඩගෝස්තර කාරයන්ගේ අන්තිම රගර් මැච් එක. මට ඉතින් පුරුදු පරිදි ඒකේ රූප ගන්න ජොබ් එක තමා ඇමිනිලා තිබුනේ. මැච් එක තිබුනේ රෝයල් එකේ රගර් ග්‍රවුන්ඩ් එකේ. අපේ ගස් හපුටෝ ටික 14 වෙනිදා තමා ගියේ. අක්කාගේ අඳෝවැඩියාව අහන් ඉන්න බැරි උන නිසා තමා මම ඉරිදා නොයා සඳුදා යන්න තීරනය කෙර්. හැබයි ඉතින් කොහොමින් කොහොම හරි ඔය රස්තියාදුවට අක්කත් ඇමිනුනා කියපල්ලකෝ. අහෝ ඛේදයකි ඉරකි තිතකි කිව්වලු.
පාන්දර 5ට විතර නුවරින් බස් එකකට එල්ලුනා... හම්මේ බඩගින්න... බඩ ඇතුලේ පරමාණු බෝම්බයක් දාලා වගේ. අක්කා උදෙන්ම මට නියෝග කරලා තිබුනේ වරකාපොල ස්ටේසමෙන් (කෝච්චි නෙවෙයි ඈ, බස් ස්ටේසම) බහින්න කියලා. මමත් ඉතින් සුවච කීකරු මල්ලී වගේ සුපුරුදු පරිදි වරකාපොල ටවුම පටන්ගන්න තැනම තියන හෝල්ට් එකෙන් බැස්සා. ඇයි යකෝ අක්කානම් කියයි ස්ටේසමැන් බහින්න කියලා, මමනේ දනේ මගේ බඩගින්න. මම ඔතන බහින්නේ හේතුවක් ඇතුව. මම දන්න තරමින් වරකාපොල ටවුමටම හොදට කන්න පුළුවන් තැනක් තියෙන්නේ ඔතන. දුක තමා රංජනී කියන්නේ මට ඒ කඩේ නම මතක නෑ. කොහොම හරි බස් එකෙන් බැහැලා ටිකක් ඉස්සරහට යනකොට පාරේ අනිත් පැත්තේ තියන කහපාට කඩේ.
මාත් ඉතින් ඒරොප්පෙන් බැහැපු හිගන්නෙක් වගේ කලිසම් කොටයක් අටවගෙන ඉරිච්ච බෑග් එකක් පිටේ එල්ලන්, කැමරා බෑග් එකකුත් එල්ලන් පොල් ගහ බාටා කෑලි දෙකකුත් දාගෙන උදේ පාන්දර 6.30-7.00 විතර ටවුමක් මැද්දේ පැද්දි සරුංගලයක් වගේ යද්දී හිතාගනිල්ලකෝ ඉතින් රඟේ...... පාරේ යන එවුන් කටවල් ඇරං බලන් ඉන්නේ, ඇයි යකෝ උබලා මීට කලින් හිගන්නෙක් දැකලා නැද්ද කියලා හිතාගෙන මමත් අර කඩේ පැත්තට ගෑටුවා
.
කඩේ එකාව කොටියම කාපිය කීවලු. කඩේ තාම වහලා කියපල්ලකෝ. මේ රෙද්දේ ටවුමේ එක කෑම කඩයක් ඇරලා නෑ තාම. ඕඕඕඕ... ඔහෙ හිටු. ගුබ්බෑයමක් වගේ එකක් තියනවා. ඉබ්බා කට්ට අස්සේ රිංගාගත්තා වගේ මමත් රිංගුවා ඒක අස්සට. මම කාපු ලිස්ට් එක අක්කා කාටවත් කියන්න එපා කිව්වා... ඒක නිසා නොකියා ඉන්නම්කෝ.. වැඩිය නෑ බර්ගර් 3කුයි හොට් ඩෝග් 2කුයි නෙක්ටෝ 2යි. (අක්කාට කිව්වේ බර්ගර් 3ක් විතරයි කියලා) කඩේ එකා කට ඇරගෙන මගෙ දිහා බලාන ඉන්නවා. බය වෙන්න එපා අයියා මගේ ලග සල්ලි තියනවා කියපුවාම මිනිහගේ මූන දෙක උනා. ඔන්න එනවා ඉතින් කෝල් එකක්...
"කොහෙද ඉන්නේ?"
"එනවා එනවා මේ එනවා විනාඩි 2යි"
"බීප්..බීප්...බීප්...."
විනාඩි 2යි කිවට එතන ඉදන් ස්ටේසම ගාවට යන්න විනාඩි 10ක් විතර යනවා... කඩේ එකාට සල්ලි ගෙවලා එලියට බහිද්දිම ආකාසේ ඉන්න දෙයියෙක් චූ කරන්න පටන් ගත්තා... ඒ දෙයියටත් බැන බැන ස්ටේසමට මෙව්වා උනා. ඔන්න ඉතින් අක්කා ඒපාර කියපි අද කොබල යන්න බස් නෑ කියලා...
කොල්ලා ඒත් මීක් සද්දයක් නෑ... අක්කා එක එක ඒවා කියනවා මම මීක් නෑ...
ඔන්න එක පාරටම කොල්ලගේ කට ඇරුනා...
"මට චූ බරයි" (බීපු නෙක්ටෝ දෙක වැඩකරනවා)
"ස්ස්ස්ස්ස්ස්.... හපෝ මල්ලි කෑගහන්නේ නැතුව ඉන්නවා මටත් එක්ක ලැජ්ජයි පාරේ මිනිස්සුන්ටත් ඇහෙයි.."
"යකෝ මේක හරි වැඩක්නේ, ඇයි එයාලා චූ කරන්නේ නැද්ද"
"අතන තියන එකට එක්ක යන්නද?"
අක්කා හෙන ඩොටේ තිබ්බ පොදු වැසිකිලියක් පෙන්නුවා... මේ වැස්සේ ඔතන්ට ගාටන්න පුළුවනෑ... චූ බරත් තදටම නැති නිසා මම බෑ කිව්වා..
දැන් ඉතින් අපි ඩබල බස් හොල්ට් එකට වෙලා ඕපා දූප ශෙයා කර කර ඉන්නවා.. දන්නවනේ ඉතින් අක්කලා ගැන. ඕපාදූප මළු..
ඔන්න ඉතින් චූ බර ආයෙ මිස් කෝල් ගහනවා. කෝල් එක ආන්සර් වෙන්න කලින් මම ආයෙමත්
"චූ බරයි"
"කෑ ගහන්නේ නැතිව ඉන්නවා මොට්ටයෝ මිනිස්සුත් බලනවා ලැජ්ජහේ බෑ.. දාලා එන්න කියපුවාම බෑ කිව්වනම් ඉවසගෙන ඉන්නවා" කියපි
"ඇයි හත් දෙයියනේ ඒ මිනිස්සුන්ට චූ බර හැදෙන්නේ නැද්ද" කියලා මම ටිකක් හයියෙන් කිව්වා..
මෙන්න බොලේ එක පාරටම මුලු බස් හෝල්ට් එකේම මිනිස්සු මීට කලින් චූ කරලා තියා චූ බර හැදිච්ච නැති එවුන් ටිකක් වගේ මගේ දිහා බලාගෙන ඉන්නවා......