Showing posts with label ආදර කතා. Show all posts
අන්තිමට
අපේ ආදරය, අවසානයේ සැන්දෑවක අප දෙදෙනා අත් පටලන්, සැප හාන්සි පුටු වලට වී එක්ව ආදරයෙන්, නැවත හමුවන්නට, යලිත් ආදරෙන් අලුතෙන්ම පටන්ගන්නට වෙන්වයනු නිසැකයි.
නමුත්,
ආයිමත්.. කිසිත් නොදන්නා ඒ සුන්දර සිනහවකින් , එකිනෙක බැදුනු සිද්දි දාමයකින් අලුතෙන්ම, ආදරයෙන්ම වෙලී එකෙනිකෙ පරයමින් දලුලා නැවතත් සිපගනීවි
ඇදරයෙන්
සදහටම
Tuesday, 18 July 2017
Posted by චමියා
නොකියූ කතාවක්
ජීවිතේ මහ පුදුමාකාර තැනක්. එක එක හැඩතල පිරුන හරි අපූරු තැනක්. මේ අපූරු ජීවිතේ අපිට හිමි තැන හොයගෙන වෙලාවකට අපි ඉබාගාතේ ඇවිදිනවා. ඒත් ජීවිතේ කියන්නේ ඒ ඇවිදීමට කියල දැනුනම හිතට එන ඒ මූසල අඳුරු හැගීම කලාමැදිරියෙක්ටවත් නවත්තන්න බෑ.
වෙලාවකට අපි එක එක හැඩතල අතරේ පාරක් තොටක් හොයාගන්න බැරිව අතරමන් වෙල ඉන්නවා. ඒත් එකපාරටම කොහෙන්දෝ නැතිව අපූරු සංකල්පයක් කඩාපාත් වෙනව.
උනුසුම් ආදරනීය අලෝකමත් හැගීමක්. චූටි හිනාවක් මුවගට එනව. හරිම ආදරයෙන් ගොඩනැගෙනව. බොහෝම හිමීට. මේ ගැඹුරු ආත්මීය සන්දර්භය අපිව වෙලාගන්නේ කිසිම අනුකම්පාවක් නොමැතිව.
ගැඹුරු උණුසුම් හැගීමක්. මතකයන් ගොඩාක් පොදි ගැහිල තෙරපෙනව. එලියට එන්න බරිව පුදුම අසරනකමකින් බලන් ඉන්නව වගෙ දැනෙන්නේ.. ඒ අපිව එලියට දාන්නේ නැද්ද? උන් කෑමොර දෙනව.
ඒ ආදරනීය උනුසුම වියලිලා ගිහින්. වියලි කතර ආයෙත් මල් පීදිලා.. ඒත් කොහේදෝ කොනක.. බොහෝම දුර ඈතක...
ආදරනීය හිනාවක්.....
P.S. ආයෙ ලියන්න මතක් කෙරාට ටානටයි නොකියූ කතාවක් ඇදල ගත්ත මල්කටයි බඩාටයි පිං
Sunday, 5 June 2016
Posted by චමියා
වික්ටෝරියානු ජංගිය
කඳුලැල්ලක් තෙත්වී ඉන්නම් ඔබ ලැබෙන තුරා...
මනමාලකම් නවතලා...
සුද්ද සිංහල ඇති බැවින් හිරිඔතප් බිදී නැති කොළඹ හතේ අම්මන්ඩිලා සහ සීලවන්තයන් කියවීමෙන් වලකින්න..
රොකට් එකක් නැතුව වේලි වේලි ඉන්න වෙලවක රොකට් එකක් ලැබෙනව කියන්නේ අමෘතෙ හම්බුනා වගේ.. හඳෙන් නෙවෙයි ඊටත් එහා ගිහින් නවතින්නෙ.

වික්ටෝරියනු අම්මගෙ රෙද්දට හැටියටනම් මිනිහ ගෑනියක් බඳිනකම් බලන් ඉන්නෙ අන්න එහෙම...
කඳුලැල්ලක් තෙත්වී ඉන්නම් ඔබ ලැබෙන තුරා...
මනමාලකම් නවතලා....
මිනිස්සු බැන්දහම වැඩිපුර වල් කමේ යන්නේ ඇයි කියලා සෑහෙන කාලයක් මට තේරුම් ගන්න බැරිව තිබුන ප්‍රශ්නයක්.. තේරුම්ගන්න බැරිව කියනවට වඩා හැමනිලා හිටියෙ කිව්වොත් හරි. ඒත් ටිකකට කලින් ආපු එක කෝල් ඒකකින් හෙනයක් ගැහුවා වගේ ඒක තේරුනා...
වැටෙන් පැන්න කෙල්ලන්ගේ
ඇසක් ඉඟි උනොත්
ඉගිල්ලෙන සිතිලා තටු මැවේ...
උබ බැදපු එකක් | එකියක්නම් මේක දැනටමත් තේරිලා ඇති..
වෙනදට හිතට එන සිතිවිලි වලට ඔහේ ගලාගෙන යන්න ඉඩදීලා පාඩුවේ ඉන්නේ ඒක පට්ට රහ නිසා.. ඒත් මේ ඕවලාරික ජීවිතවල ජීවත් වෙන උබලට කොහෙද එච්චර සැපක්.. ආතල් කුඩු කරන් ලියන්නේ උබලත් ඒක ඔබන්න..
කොහොමින් හෝ ඔබ දැක ගන්නම්..
ඔබෙ ඇසට හොරා,
සංසුන්කමි ඉවසලා...
බැන්දම කොහෙද බං සැනසුමක්.. උබල බදින්නෙනම් සැනසුමක් ගන්න.. කාටද බං ඔය බොරුව දාන්නෙ උබලා.. බදිනවා කියන්නේ පිනට හුකාගන්න දෙන ලයිසන් එකක්. ඉතින් කොහෙද බං නිදහසක්.. ලයිසමේ නීති කැඩුවොත් උබ හිරේ,, මැරෙනකම් පදින්න පුළුවන් එක වාහනයයි..
මොකක්ද කීවේ? උබ බදින්නේ පරම පිවිතුරු ප්‍රේමය නිසා? අනේ නිකා ඉදපං බං.. අපි නොදන්න ප්‍රේමේ..
බැදල දරුවෙක් මල්ලෙක් ලැබිල හවසට වැඩ ඇරිල ගෙදර එනකොට කොහොමද ආතල් එක.. ගෙදර ආපු ගමන් ගෙදර උන්දගෙ බර බරේ.. අරක කියයි මේක කියයි.. ඉතින් කොහෙද හුකාගන්න වෙලාවක්.. හොද මූඩ් එකක්? රෑට දෙන්න හැසිරෙන්නෙ නිකන් කෙහෙල් පදුරකුයි එස්ලෝන් බටේකුයි වගේ.. කෝ ඉස්සර තිබ්බ රහ? කෝ ප්‍රේමෙ?
සිනාසෙන්න ඕනෑ
හිත කීරි ගැසේ..
සැනසිල්ල නෑ පෙම්ලොවේ...
උබල එස්ලෝන් බටේ වෙන්නෙත් ඒකි කෙහෙල් පදුර වෙන්නෙත් අන්න අර ජීවන ප්‍රශ්න කියන පුක උඩ..
ඒත් උබෙ හොර ගෑනි , හොර මිනිහා එක්ක ඒ ප්‍රශ්න තියනවද? නෑ එතන තියෙන්නේ ආසාවක් විතරයි.. ප්‍රශ්න නෑ ආතල් එක විතරයි..
සුසුම් හෙලන ගෑනුන්
අවිස්වාසනම්
නෙරිය ලඟ නැවතිලා සිත තැවේ
අපි ජීවත්වෙන මේ වික්ටෝරියානු සන්දර්භය තුල සෘංගාරයට ඉඩක් නෑ.. තියෙන්නේ ප්‍රශ්න විතරයි.. ඔය වික්ටෝරියානු රාමුවෙන් මොකෙක් හරි එලියට පැන්නොත් හැමෝටම ඩෝං යනව.. ඇයි ඒ? උන්ට සදාචාරේ රැකගන්න ඕනෙ නිසා? රෙද්ද තමා..
උන් පුක උඩ දාගෙන කෑ ගහන්නේ උන්ට ඒ ආතල් එක නැති නිසා.. තියෙන්නේ ප්‍රශ්න විතරක්ම නිසා...
කිඳුරන්ගේ ගී වැල්දුක් බරම තමා
නිස්සාර සංසාරයේ..
හැමෝටම ඕනේ නිදහසේ හුකාගන්න... ආත්ම වල සිරවෙලා තියන ජීවිතය නිදහස් කරගන්න..
මේ වික්ටෝරියානු ජංගිය ගලවලා දානතාක්කල් අපි කාටවත් නිදසහේ හුකාගන්න බෑ..
පොදිබැදගෙන දිවයන්නේ...
මේ දුකම තමා...
සඳගිරට නිර්වානයේ...
මේ දුකම තමා...
සඳගිරට නිර්වානයේ...
- සිංදුව චින්තිගේ....
Friday, 4 December 2015
Posted by චමියා



