Posted by : චමියා
Tuesday, 23 April 2013
මේ දිනවලදී අනත්තවත් දකින්න තියන දෙයක් තමා උසස් පෙළ උපකාරක පන්ති සදහා කෙරෙන වෙළඳ දැන්වීම්,පෝස්ටර් සහ අත් පත්‍රිකා. ඒ හැම එකක්ම වගේ පටන්ගන්නේ "දිවයිනේ ප්‍රථමයින් මෙච්චරක් බිහි කල" දිස්ත්‍රික්කයේ මෙච්චරක් බිහිකල" වගේ වැකි. සමහර වෙලාවට ඒ පේන්නේ ළමයින්ව බිහි කරලා තියෙන්නේ අම්මලා තාත්තලා නෙවෙයි ටියුශන් කඩ කාරයෝ වගේ
හොදයි මේ කියන බිහිකිරීම කොතරම් දුරකට සත්‍යද?

මේ ප්‍රථමයන් හැමකෙනෙක්ම එකම ටියුශන් කඩේකින් බිහි වුනේ කොහොමද කියන ප්‍රශ්නේ මම ඇහුවොත්? හැමෝම වගේ කියයි ඒ ගුරුවරුන්ගේ තියන දක්ශතාවය නිසා කියලා. හ්ම්... අපි දැනට එහෙම හිතමුකෝ. එතකොට ඒ ළමයි පාසල් ගියේ නැද්ද? ඒ ළමයින්ට පාසලේ ඉගැන්වූයේ නැද්ද? ඒ ළමයි දිවයිනේ/දිස්ත්‍රික්කයේ පලමු ස්ථාන වලට ආවේ ටියුශන් කඩේ කඩ කාරයා නිසාද?
එහෙනම් මොන හු**කටද යකෝ මේ රටේ පාසල් කියලා දෙයක් තියෙන්නෙ? අම්මට හු***ද ළමයි පාසල් යන්නේ? ටියුශන් කඩකාරයා නිසා ළමයි පාස් වෙනවනම් ඇයි මේ රටේ පාසල් සියල්ලම වහල දාලා කඩ විතරක් දාන්නේ නැත්තේ?
මම හිතන විදිහට ටියුශන් කඩ වලට යම් ප්‍රමිතියක් ගෙන එන්න ඕනේ. මේ වගේ පහසුකම් තියෙන්න ඕනේ,උපරිම ළමයි ගණන මෙච්චරක් වෙන්න ඕනේ, උගන්වන පැය ගණන සහ ගුරුවරයාට මේ තරම් සුදුසුකම් සපුරා තියෙන්නේ ඕනේ වගේ ඒවා ඇතුලත්ව. මෙතනදී ගුරුවරයාගේ සුදුසුකම් ඉතාමත් වැදගත්. මම දන්නා තරමින් මහනුවර නගරයේ උසස් පෙළ සිසුන් 75% කට අධික ප්‍රමානයක් සහභාගී වන ජීව විද්‍යා ටියුශන් කඩේ කඩ කාරයා උසස් පෙළවත් හරියට සමත් වී නැහැ (වැරදිනම් නිවැරදි කරන්න). ඒත් ඔහුගේ ඇති ජනප්‍රියතාවය පමනක්ම පදනම් කරගෙන සිසුන් ඔහුගේ කඩයට යයි. ඒ වගේම මගේ මිතුරෙකු පැවසූ ආකාරයට මිතුරා ඔහුගේ පන්තියට සහභාගී වන්නේ ඔහු කියන කුණුහරුප අසා පට්ට ෆන් එකේ සිටීමටය.
ඒත් ඔය කඩ කායරන් අස්සේත් ටියුශන් ගුරු උතුමන්ලාත් ඉන්නවා..

සමහර කඩ කාරයෝ ඉපදිලා තියෙන්නේ උගන්වන්නමලු. බම්බුව. උන් එච්චරම හොදට උගන්වනවනම් ඇයි යකෝ උන්ව අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පාසල්වල ගුරුවරු විදිහට බදවාගන්නේ නැත්තේ? ඇයි උන් ටියුශන් කඩ දාගෙන ඉන්නෙ?
ඇත්තටම බැලුවොත් දැන් ළමයි ටියුශන් යන්නේ රැල්ලට මිසක් ඉගෙනගන්න නෙවෙයි.
හොදයි දැන් අර ප්‍රශ්නේ බලමු. කොහොමද මේ ප්‍රථමයන් හැමකෙනෙක්ම එකම ටියුශන් කඩේකින් බිහි වුනේ?
ඇත්තටම ඒ ගුරුවරයාගේ දක්ශතාවය නෙවෙයි. ඒක වෙන්නේ ගුරුවරයාගේ ජනප්‍රියතාවය නිසා. ගුරුවරයාගේ ජනප්‍රියතාවය වැඩිවන තරමට ඔහුගේ කඩේට යන ගාන වැඩි වෙනවා. ඒ කියන්නේ දිස්ත්‍රික්කයේ/දිවයිනේ සිටින දක්ශයන් වැඩි ප්‍රතිශතයක් ඔහුගේ කඩේට පැමිනෙනෙවා. මේ නිසා ඔහුගේ කඩෙන් ප්‍රථමයන් බිහිවීමේ සම්භාවිතාවය අසාමාන්‍යය ලෙස ඉහල යනවා.. ඒක නොතේරෙන අපේ ගොන් රැල තමනුත් දිස්ත්‍රික්කයේ ප්‍රතමයා වෙයි කියලා හිතාගෙන ඒ කඩ කාරයාගේ කඩේට යනවා. ඒක හරියට අර විභාගේ පාස් වෙන්න කියලා දේවාල ගානේ ගිහින් දෙවියන්ට කන්නලව් කරනවා වගේ වැඩක්. මේ තියරිය පාවිච්චි කරලා අපේ සදාදරණීය ටියුශන් කාරායෝ සැමදා වැජඹෙනවා. අපේ ගුරු උතුමන්ලා වල පල්ලට යනවා. වැඩ කරන එකා මොන කඩේට ගියත් ඌ ගොඩ යනවා. ඒත් වඩ නොකරන එවුන් දිවයිනේ ප්රථමයාගේ කඩේට නෙවෙයි, ඒ කඩ කාරයාගේ පුක හේදුවත් කෙලවා ගන්නවා.... අබුද්දස්ස කාලේ ලබුත් තිතලු කියන්නේ ඔන්න ඕකට.

හරිම ලස්සන කතාව මම කීප සැරයක් කියෙව්වා. මම මේ වගේ ලස්සන ලිපි කියවන්න මාරම ආසයි අනේ. අනේ ඔයාට පුලුවන් නම් මගේ බ්ලොග් එකටත් ඇවිල්ලා මගේ ලිපි ගැන කමෙන්ට් දාලා ගුණ දොස් විවේචනය කරලා මාව ධෛර්යමත් කරන්න ඇවිල්ලා යන්න එන්නකෝ.
ReplyDeleteඔය අච්චරක් බිහි කරා මෙච්චරක් බිහි කරා කියන පන්ති වලට ගිහින් ෆේල් වෙච්ච ගාන ගහල කොලයක් බෙදුව නන් බලා ගන්න තිබ්බා..................
ReplyDeleteSirawatama bng :D
Delete